Skip to main content

ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද?

ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇති බව දන්නවාද?
දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සහ ඉංදියාවේ ගාන්ධි බන්ධනාගාරගත කරන ලද්දේ ඉංග්‍රීසි කිරීටය විසින් යටත්විජිත පාලන කරන ලද නීතියෙන් සහ එම රටවල අධිකරණ විනිසුරුන් විසිනි. ශ්‍රී ලංකාව 1948 නිදහස ලැබුණද, 1972 ස්වස්ථානික ජනරජ ව්‍යවස්ථාවක් තනාගත්තද නිවහල් නීති ක්‍රමයක් නොමැති අතර රෝම ලංදේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, එංගලන්ත නඩු තීන්දු ඇසුරෙන් නීතිය ක්‍රියාත්මක වෙයි. නිවහල් ස්වාධීන නීති ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාවේ අධිකරණවල නීතිය කතා කිරීම මැන්ඩෙලා, ගාන්ධි මෙන් බන්ධනාගාරගත කරවන අපරාධයක් කරන නීතියක් විජේදාස අධිකරණ ඇමති විසින් අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල පනත් කෙටුම්පත යන සළුවට මුවා වී ගෙනවිත් ඇත. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, අධිකරණ සංවිධාන පනතේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ,අපරාධ නඩු විධාන සංග්‍රහයේ හෝ වෙනත් නීති වල දක්වා නොමැති සහ එකී නීතිවලට පටහැනි වන ආකාරයට නීති කෙටුම්පත් සම්පාදකයන් විසින්  අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 2023.06.23 දින ¡¡ වන කොටසේ අතිරේකයක් ලෙස 2023.06.27 දින නිකුත් කර ඇත. අධිකරණයට, විනිශ්චය අධඅධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල පනත් කෙටුම්පත http://documents.gov.lk/si/bills.php වෙබ් ලිපිනයෙන් බාගත කර ගත හැකිය. වගන්ති 17කින් සහ පිටු 19කින් යුත් අධිකරණයට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාල ද‍ඬුවම් කිරීම ඇතුලු කාරණාවලට අදාල මෙම පනත් කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍යය බලය අවතැන් කර ඇත. බල බෙදීමේ මූලධර්ම නොසළකා ඇත. සංවරණ තුළණ ක්‍රමය බිඳදමා ඇත. කෙටියෙන් කිවහොත් මෙය අධිකරණයට, විනිශ්චයකාරවරුන්ට, නීතිපතිවරයාට, අසතුටට පත්වන අයට ලබා දෙන පාලනයක් නැති නිර්වින්දන එන්නතක් වන අතර අධිකරණයේදී මෙය යොදා ගනීමෙන් යුක්තිය පතන ජනතාවත් නීති තර්ක ඉදිරිපත් කරන නීතීඥවරුන්ද අධිකරණ යනු නීති තර්ක ඉදිරිපත් කළ හැකි ස්ථානයක් නොවන බවට ඒත්තු ගනු ඇත. ඒ වසරක් යන තෙක් ඒ මත නඩු පවරනු ලැබිය හැකි වීමයි. නිවහල් නීති ක්‍රමයක් නොමැති ශ්‍රී ලංකාවේ මෙවැනි නීති යෝජනා කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය උදුරාගැනීමට නීතිපතිවරයාටත්, විනිසුරුවරුන්ටත්, අසතුටට පත්වන්නේ යැයි කියන අයටත් අවස්ථව ලබා දී ඇත. නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම වෙනුවට නීතිය නොතකන, නීතිය ගර්හාවට ලක්වන සමාජයක් මෙමගින් බිහි වීම සිඳු වෙයි. යුක්තිය පතා අධිකරණයට එන්නෝ පාලනයකින් තොරව නිර්වින්දනය කරවන විජේදාස අධිකරණ ඇමතිගේ අධිකරණයට අපහාස කිරීමට දඩුවම් නියම කරන යෝජිත නීතිය ගැන දැනුවත් වීමට එකී පනත් කෙටුම්පත කියවිය යුතුය. තමන් නීතිය පෙන්වා දුන් බව විත්තිවාචකයක් වන අතර විත්තිවාචකය අධිකරණය විසින් පිළිගන්නා තෙක් බන්ධනාගාරගත වී සිටීමට, නීතීඥ වෘත්තීය අහිමි කරගෙන සිටීමට නීතීඥවරුන්ට සිදුවෙයි. ආණ්ඩුව විසින් නීතිය උල්ලංඝනය කිරීම් කරන අවස්ථාවල නීතියෙන් එය පාලනය කිරීමද නීතීඥවරුන්ට, පුරවැසියන්ට මෙකී නීතිය මගින් වැළකී ඇත්තේ නීතිපතිවරයාට මෙකි යෝජිත නීතියෙන් නඩු පැවරීමට පුලුල් බලයක් හිමිකර දීමය. මරණ 3ක් ඇති මිනිහෙක් පැණි කෑය යන්න පැරණි කියමනකි. 1.නීතිය කතා කර හිරේ යනවාද? 2.නීතිය කතා නොකර හිරේ යනවාද? 3.නීතිය නොදැන හිරේ යනවාද? විජේදාස අධිකරණ ඇමතිවරයා ජනතාවට හිරගෙවල් 3ක් හිමිකරදෙන නීතියක් ගෙනෙද්දී ජනතාව පැණි කයිද? යන්න ඉන් අවබෝධ කළ හැකිය. අතාර්කික, වහල්, අනුකාරක සමාජයක් බිහිකරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය මගින් අධිකරණය ඉදිරියේ නීතිය පෙන්වාදෙන නීනීතීඥවරයාත්, තාර්කික පදනමකින් කරුණු දක්වන පුරවැසියන්වද, මාධ්‍ය ද ඒ වෙලාවේම බන්ධනාගාරගත කරවිය හැකි වන  නීතියක් ලෙස "අධිකරණයට අපහාස කිරීමට දඬුවම්" ලේබලය යටතේ විජේදාස අධිකරණ ඇමති විසින් ගෙනවිත් ඇත. ඒ අනුව නීතිය කතා කිරීම, නීතිය කතා නොකිරීම සහ නීතිය නොදැනීම යන කාරණා 3ම ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත වීමට හේතු වෙයි.  එදා මරණ 3ක් ඇති මිනිසාට කෑමට පැණිවත් තිබූ අතර මෙදා විජේදාස අධිකරණ ඇමති හඳුන්වා දෙන නීතියෙන් නීතිය කතා කරන තැනැත්තන්ට  බන්ධනාගාරගත කිරීමෙන් මිදීමට ඇත්තේ දීනත්වය සහ රූකඩයක් ලෙස ජීවත්වීම පමණි. විධායක ඒකාධිපතීත්වය, ව්‍යවස්ථාදායක ඒකාධිපතීත්වය සහ අධිකරණ ඒකාධිපතීත්වය අතරින් අධිකරණ ඒකාධිපතීත්වය බිහිසුණු වන්නේ නීතියෙන් හිමිකරන දඩුවම් ලබා දීම නිවැරදි කිරීම ප්‍රතිඵල රහිත හේතුවෙනි. අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col) නීතීඥ   - සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.06.29)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...