Skip to main content

වසර 45ක්ම සැඟවී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවේ අරමුණ 2023 ආයුර්වේද සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමේදී විවෘත වන බව නීතීඥවරයා කියයි....!

වසර 45ක්ම සැඟවී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාවේ අරමුණ 2023 ආයුර්වේද සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමේදී විවෘත වන බව නීතීඥවරයා කියයි....!
1978 සිට මේ දක්වා වසර 45 ක්ම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 23.2 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර) සහ දැන් 23.4 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු) අනුව්‍යවස්ථාවට අනුකූලව නීති පැනවී ඇත්ද යන්න සළකා නොබැලුවේ ඇයි සහ තවමත් හිතා ඉන්නේ රටේ ක්‍රියාත්මක වන්නේ සෝල්බරි ව්‍යවස්ථාව රටේ ක්‍රියාත්මක වන බවද යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාව අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර පැවති සියලු නීති සහ අනු නීති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකල යුතු වෙයි. එවැනි විධිවිධානයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ ඇයි? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක්ම 1972ට පෙර පැවතිණි. සෝල්බරි ව්‍යවස්ථාව ඉන් එකකි. ඒ යටතේ පනත් පැනවී තිබුණි. ඊට පෙර ආඥාපනත් පැනවී තිබුණි. ඒවා කිසිවක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න හෝ අනනුකූලද යන්න දන්නේ නැත. එහෙත් එවැනි පනත් හෝ ආඥාපනත් සංශෝධනය කිරීමට වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් වෙයි. උදා..දණ්ඩනීති සංග්‍රහය, විෂවර්ග අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත, නගර සහ ගෘහ නිර්මාණ ආඥාපනත වැනි පැරණි නීති සංශෝධන.... එවැනි අවස්ථාවක එවැනි නීති සංශෝධන කෙටුම්පත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන සහිතව ඉදිරිපත් කිරීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයකි. එසේ නියමයක් පැවතියද මුල් නීතිය හෝ ආඥාපනත ඉංග්‍රිසියෙන් පමණක් තිබීම ප්‍රශ්නගත හෙයින් එය නිරාකරණය කර විසදුමක් ලබා දීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාව දක්වා ඇත. එකී නීතිමය තර්කය 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2023 ආයුර්වේද සංශෝධනය ගෙනා අවස්ථාවේදී එය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණට SC/ SD 52/23 පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනහේ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිපත් කරන ලදී. එකී නීතිමය තර්කය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල දීර්ඝ ලෙස නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අතර එකී නීතිමය කරුණු ඇතුලු පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බලා 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2023 ආයුර්වේද සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...