Skip to main content

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...!

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා 2023 අගෝස්තු 10 පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරණය මතු සඳහන් පරිදි වේ:— (1)     පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ  භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාවය අවසන් වනු ඇති බව නිවේදනයේ සඳහන් වේ. (2) පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 53 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (3) පනත් කෙටුම්පතේ 11(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද නිවේදනයේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (4)  ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත; සහ (6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද නියෝජ්‍ය කථානායකවරයා නියෝග කළේය. (මූලාශ්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්) ආයුර්වේද සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේ භෛසජ්ජක යන පාඨය ඇතුලු සංශෝධන කිහිපයක්ම එකී පනතට කාරක සභා අවස්ථාවේ සිදුකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පෙත්සම්කරුවන්ට දැනුම් දුන් හෙයින් එකී භෛසජ්ජක යන්නට අදාලව ජනමතවිචාරණයක අවශ්‍යතාවය සහ ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති අනනුකූලත්වය ඉවත් වෙයි. ඒ අනුව එකී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන සංශෝධන සිදුකර සාමාන්‍ය බහුතර ඡන්දයෙන් ආයුර්වේද සංශෝධනය සම්මත කර ගැනීමට හැකිය. මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා සිටියහොත් එකී තීරණය මැනවින් කියවා බැලීමට ජනතාවට අවස්ථාව සැළසේ. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3, 9 වගන්ති සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 13, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12,14.1අ, 14.1ඇ, 14.1ඉ,18,19, 20*, 23 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ සිංහල භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  අයිතිය, වරප්‍රසාද ඇත. නීතියේ සිංහල නුගමුල" ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය