Skip to main content

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...!

2023 ආයුර්වේද සංශෝධනයෙන් ඉවත් කිරීමට රජය එකග වූ "භෛසජ්ජක" ඇතුලු තවත් සංශෝධන 6ක් සිදුකර ආයුර්වේද සංශෝධනය බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට හැකියි...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා 2023 අගෝස්තු 10 පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරණය මතු සඳහන් පරිදි වේ:— (1)     පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ  භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාවය අවසන් වනු ඇති බව නිවේදනයේ සඳහන් වේ. (2) පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 53 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (3) පනත් කෙටුම්පතේ 11(3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද නිවේදනයේ දැක්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 54 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (4)  ප්‍රධාන පනත සංශෝධනය කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් කරුණු අතර, ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් කරනු ලබන පනත් කෙටුම්පතේ 13 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ප්‍රධාන පනතේ 13(1) වගන්තියේ (ඉ) සහ (ඊ) උපවගන්ති ඉවත් නොකිරීමෙන් මෙම අනනුකූලතාවය අවසන් වනු ඇත; (5) පනත් කෙටුම්පතේ 24(1)(අ), 25 සහ 46(2) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. එම වගන්ති ඉවත් කිරීමෙන් අනනුකූලතාවය අවසන් වනු ඇත; සහ (6) පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ 55 පිටුවේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින සභාවේ වැඩකටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද නියෝජ්‍ය කථානායකවරයා නියෝග කළේය. (මූලාශ්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්) ආයුර්වේද සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේ භෛසජ්ජක යන පාඨය ඇතුලු සංශෝධන කිහිපයක්ම එකී පනතට කාරක සභා අවස්ථාවේ සිදුකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පෙත්සම්කරුවන්ට දැනුම් දුන් හෙයින් එකී භෛසජ්ජක යන්නට අදාලව ජනමතවිචාරණයක අවශ්‍යතාවය සහ ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති අනනුකූලත්වය ඉවත් වෙයි. ඒ අනුව එකී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන සංශෝධන සිදුකර සාමාන්‍ය බහුතර ඡන්දයෙන් ආයුර්වේද සංශෝධනය සම්මත කර ගැනීමට හැකිය. මෙකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සිංහල භාෂාවෙන් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා සිටියහොත් එකී තීරණය මැනවින් කියවා බැලීමට ජනතාවට අවස්ථාව සැළසේ. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3, 9 වගන්ති සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 13, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 9, 10, 12,14.1අ, 14.1ඇ, 14.1ඉ,18,19, 20*, 23 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ සිංහල භාෂාවෙන් හැන්සාඩ් ගත කරන ලෙස කතානායකගෙන් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  අයිතිය, වරප්‍රසාද ඇත. නීතියේ සිංහල නුගමුල" ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0712063394

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...