Skip to main content

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි....

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි....
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව/ උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඇ. සහ  123 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිවැරදි නොකර එකී සංශෝධනය සම්බන්ධව ඉදිරි පියවර නොගන්නා ලෙස 2023 අගෝස්තු 22 දින දැනුම් දී ඇත. වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අය වෙනුවෙන් නීතීඥ අරුණ උණවටුන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතීඥ කුෂානි අනූෂා රෝහණදීර සහ නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ123 ව්‍යවස්ථාවඅනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන බවට වර්ෂ 2023.08.13 දිනැතිව කථානායකවරයාට සහ  පාර්ලිමේන්තු මහ ලේකම්ට සහ නීතිපතිට අදාල පරිදි පිටපත් යොමු කර ලිඛිතව සහ හේතු දක්වමින් යෝජිත ඉහත 2023 ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඇතුලු නෛතික වැරදි පෙන්වා දී  ඒවා නිවැරදි කරන ලෙස දැනුම් දී ඇති බවත්, තවද ඉහත සේවාදායකයන් එකී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාමය කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔවුන් විසින් පවරා තිබූ SC/SD/52/2023 අංක දරන නඩුවට පෙත්සමක් සහ දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර එම නීතිමය කටයුතු අවසන් වී නැති බවත් එකී ලිපියෙන් පෙන්වා දී ඇත. එසේම 2023.08.22 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට ඇතුළත් කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත සහ මේ සම්බන්ධව මේ වන විටත් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීමට පෙර එකී ආයුර්වේද සංශෝධන‍ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සම්ප්‍රදායට අනනුකුලව කරන දෙයක් වන බවත් එහි දැක්වේ. විශේෂයෙන් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ අවසන් ඡේදය සිංහල භාෂාවට පරිවර්තනය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමේදී ඉංග්‍රීසි සහ දෙමළ පනත් කෙටුම්පත් අතර විෂමතා/වෙනස්කම් ඇති බව තීරණය කිරීමෙන් සහ ඒ සම්බන්ධව ගත යුතුවන ක්‍රියාමාර්ග රජයට පැවරීම ආදී කාරණා දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල තත්ත්වයක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයක් බවත්, එසේ තීරණය කිරීමට එකී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය පීඨයට අධිකරණ බලය නැති බවත්, විශේෂයෙන් වෙනත් ව්‍යවස්ථා අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 123 ව්‍යවස්ථාවලට අනනුකූල බවත් එය නිවැරදි විය යුතු බවත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඉන් දැනුම් දී ඇත. මෙම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කර එකී ආයුර්වේද සංශෝධන‍ පනත් කෙටුම්පත් සම්මත කරනු ලැබීම වළක්වන නොලැබුවහොත් සහ එය නීතියක් බවට පත්කළහොත් එකී නීතිය සව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි වැරදි නීතියක් වන බවත්,  අනාගත පාර්ලිමේන්තුව විසින් එකී වරද නිවැරදි කිරිමට සහ වෙනත් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට සහ අදාල අය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවත් ඉන් දැනුම් දී ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව/ උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඇ. සහ  123 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිවැරදි නොකර එකී සංශෝධනය සම්බන්ධව ඉදිරි පියවර නොගන්නා ලෙසද එමගින් ඉල්ලා ඇත. ෆීනික්ස් නීති සාර සංහ්‍රහය - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066/ 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය