Skip to main content

ජනාධිපති ධූරකාලය වසර 6ක් කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අතහැර ඇත්නම් ලෙනෝ නඩුව පරදියිද?

ජනාධිපති ධූරකාලය වසර 6ක් කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අතහැර ඇත්නම් ලෙනෝ නඩුව පරදියිද?
ජනාධිපතිවරණය 2024 දී පැවැත්වීම නතර කර ගැනීමට, පානදුරේ ලිපිනයැති චමින්ද ලේනව නම් අයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවරා ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව අදාල කරගෙන පවරා නොමැත්තේනම් සාර්ථක කරගත හැකිද යන්න පෙන්වා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී ය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  එම 2002 දී ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම වළක්වන විධිවිධානය නීතියක් වන්නේ පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද අනුමත කිරීමෙන් පසුව බව දක්වා ඇත. ඒ හේතුවෙන් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පනත් කෙටුම්පත් අදියරේම අවසන් විය. වර්ෂ 2015 දී දෙවන වරටත් නැවත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විධිවිධාන 16ක් පමණ සංශෝධනය කිරීමට ගෙනවිත් තිබුණි. ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන සංශෝධන 17ක්) වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වළක්වන විධිවිධානයත් තිබූ හෙයින්, ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීම අවශ්‍යම විය. එහෙත් 2015 දී ගෙනා 19යේ ජනාධිපති බලතල සඳහන් 33.2.ඈ. ව්‍යවථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැදවීම, වාරාවසන් කිරීම, සහ විසුරුවීම කළ හැකි විධිවිධානයක්ද තිබුණි. වර්ෂ 2015 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ඩෙප් සහ චන්ද්‍රා ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණ පාර්ලිමේන්තුවට යොමු කළ අතර එම විනිසුරුවරුන් 3නා මීට පෙර 2002 දී විනිසුරුවරුන් 7දෙනකු ලබා දී තිබූ තීරණය වෙනස් කර තිබුණේ නැත. එසේම 2015දී ගෙනා 19යේ ජනාධිපති බලතල සඳහන් 33.2.ඈ. ව්‍යවථාවේ, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැදවීම, වාරාවසන් කිරීම, සහ විසුරුවීම කළ හැකි විධිවිධානයක්ද තිබුණ හෙයින් 70 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවීම වැළැක්වීම යටපත්වන බවක්ද උපකල්පනය කරමින් ඒ 2002 දී ගෙනා 19ය, 2/3 කින් පාර්ලිමේන්තුව සම්මත කර ගත්තේය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව විසුරුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.2.ඈ ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව විසුරුවීමෙන් යටපත්වන බවට තීරණය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවද එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවරනු ලැබු මූලික අයිතිවාසිකම් නඩුවලදී විනිසුරුවරුන් 7කුගේ විනිසුරු පීඨය තීරණය කරන ලද්දේ 70 ව්‍යවස්ථාවේ විසුරුවීම, 33.2.ඈ ව්‍යවස්ථාවේ ඇති විසුරුවීම අභිබවා බලවත් බවයි. එනම් එතෙක් සිතාගෙන සිටි උපකල්පනය වැරදි බවයි. ඒ අනුව කතානායකවරයා 2015 දී 19ය 2/3 කින් සම්මත වූ පසු සහතිකය යෙදීම වැරදි බව පැහැදිලි විය. (70 ව්‍යවස්ථාව ජනමතවිචාරණයක් නොමැතිව නීතියක් වීම වැරදි වන්නේ 70 ව්‍යවථාව,33.2.ඈ ව්‍යවස්ථාව මගින් යටපත් වීම සිදු නොවීම) පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් (70 ව්‍යවස්ථාව) නැවත 2015 දී සිදුකරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කළ පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා යොමු කළ යුතු විය. ඒ බව පැහැදිලි වූ 2018 දී කරූ ජයසූරිය කතානායකවරයා කළ යුතුව තිබුණේ 2015 දී 70 ව්‍යවස්ථාවට වඩා 33.2.ඈ ව්‍යවස්ථාව අභිබවා නොයන හෙයින් 2015 ගෙනා 19ය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා ජනමතවිචාරණයක් සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමය. එය මේ දක්වා සිදුකර නැත. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව නීතියක් වී නැති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් නීතියක ආරෝපණය ලබා දී ක්‍රියාත්මක කරගෙන යාමට පාර්ලිමේන්තුව සහ වර්තමාන  ජනාධිපතිවරයාද කටයුතු කරන බව පෙනී යන අතර එය නිවැරදි නැත. වර්තමාන කතානායකවරයාට පෙර කතානායකවරයා කළ ඒ වැරැද්ද නිවැරදි කළ හැකිය. 2015 දී ගෙනා 19 ට  පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් අනුමත කර ඇති හෙයින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ (අවසන් විධානය) පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සඳහන් සටහනක් තබා එය ජනාධිපතිවරයාට  යොමු කළ යුතුය. එවිට ජනාධිපතිවරයා එකී 19ට පැවැත්විය යුතු ජනාධිපතිවරණ පැවැත්විය යුතු අතර, ජනතාව අනුමත කළහොත් එය නීතියක් බවට පත්වන අතර ජනතාව අනුමත නොකළහොත් එය එතනින් අවසන් වේ. එයට අමතරව මෙම නීති තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුවකදී ගැනීමය. මෙම නීතිමය තත්ත්වය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව, 2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ 2015 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තු විසුරුවීම වැරදි බව කියූ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ඇසුරෙන් සළකා බැලීමේදී 2015 දී ගෙනා 19 මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතියක් වී නැත. ඒ අනුව 2015 ගෙනා 19යේ තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 17ම මේ දක්වා නීතියක් වී නැත. ඒ අනුව ජනාධිපතිවරණය වසර 6කින් බව ඇත්තය. 19 වැරදි බවත් ඇත්තය....70වන ව්‍යවස්ථාව අතහැර ඇත්නම් ලෙනෝ නඩුව දිනන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.07.04)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...