Skip to main content

ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බව සනාථවන ගැසට්කර ඇති යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටෙන් සඟවන්නේ කවුද?

ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බව සනාථවන ගැසට්කර ඇති යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටෙන් සඟවන්නේ කවුද?
ජනාධිපති ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළද, එය වසර 6ක් බවට 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළද, ජනාධිපති ධූරකාලය සම්බන්ධ කාරණාවලදී තවමත් එය වසර 6ක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් එය වසර 5ක් කළ යුතු බවත් සනාථවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කරුණු සඟවන්නේ කවුද යන්න සහ ඒ ඇයිද යන්න ජනතාව අවබෝධ කර ගත යුතුය. ජනාධිපති ධූර කාලය සම්බන්ධව වසර 5යි කියා ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථදැක්වුවද එය තාමත් වසර 6ක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියන පරිදි එය වසර 5ක් කිරීම ස‍ඳහා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2024.07.18 දින නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් පත්‍රයේ පළ කර ඇත. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැන රටේ ජනතාවගෙන් 94% වඩා ප්‍රාමාණකයකට දැනුවත්කමක් නැති බවත් නීති අධ්‍යාපන පරීක්ෂණයකින් එළිදරව්වෙමින් ඇත. නීතිය පිළිබඳ එම නොදැනුවත්කම ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනයේ කඩා වැටීමකි. නීති අධ්‍යාපනයේ ඛේදවාචකයකි. මෙයට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය මෙහෙයවන සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවත්, විශ්ව විද්‍යාලවල නීති පීඨවල පීඨාධිපතිවරු සහ නීති අධ්‍යයනාංශවල මහාචාර්ය, ආචාර්යවරුන් වගකිවයුතුවන බවට නැවත කිව යුතු නොවේ. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ජනාධිපති ධූර කාලය අදාලව වසර 5ක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට නීති විශාරදයන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ පාලනය ගැන උනන්දු අය කටයුතු කරනවාද යන්න පැවසීමට තවම කාලය නොවේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර හදාරන අය පහත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට ක්‍රියා කිරීම සුදුසුය. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. අනුකොටසේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර වෙනස්කම් ගැන දන්නේ කවුද? 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. අනුකොටසේ ඉංග්‍රීසි පාඨයේ ඇති "which" වචනයට අදාල තේරුම/ අර්ථය එන වචනයක් සිංහල පාඨයේ නැත්තේ ඇයි? 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ. අනුකොටසේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර ඇති අනෙකුත් වෙනස්කම් මොනවාද? 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර වෙනසක් මතු වන විට සළකා බැලිය යුත්තේ කවර භාෂා පාඨයද? මේ සම්බන්ධයෙන් ගැඹුරෙන් හැදෑරීමට විද්‍යාර්ථීන් ක්‍රියා කළ යුතුය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.27)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...