ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් තියෙනවා. ඒත් එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සළකන්න බෑ.. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක.
(රාජ්‍ය භාෂා සතිය (2025.07.01-2025.07.07) නිමිත්තෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ මාධ්‍ය නිවේදනය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් තියෙනවා. ඒත් එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සළකන්න බෑ.. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් පිළිබද රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ අවධානය යොමු කිරීමට වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2025 ජූනි 20 වන දින දවල් 12ට රාජගිරියේ ජනජයසිටි ගොඩනැගිල්ලේ 9වන මහළේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. එම සාකච්ඡාවට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සමඟ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වූ ජයතිලක, මුණසිංහ,ගුණතිලක පත්මසිරි යන මහත්වරුද සහභාගි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය සිං...