දිනමිණ (18/06/2025 පිටුව 23)
28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන
හඳපාන්ගොඩදී
දිනමිණ (18/06/2025 පිටුව 23) 28 වැනිනීති අධ්‍යාපන වැඩසටහන හඳපාන්ගොඩදී
'ලක්ෂ ගණනින් නඩු ගාස්තු නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කිරීමට ගැසට් කළ 22 නීතියක් නොකළොත් ජනාධිපතිවරණය වසර 6කින් වන ආකාරය' මැයෙන් සංවිධාන කරන නීති අධ්‍යාපන වැඩසටහනක් මේ 21 වැනිදා පෙරවරු 9 සිට කොළඹ පාර, හඳපාන්ගොඩ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන් දේශන ශාලාවේදී පැවැත්වේ.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙය මෙහෙය වන අතර, නොමිලේ පැවැත්වෙන නීති අධ්‍යාපන වැඩසටහනේ 28 වැනි වැඩසටහන ද මෙයයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ පවතින ජනාධිපති ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරූ අවස්ථාවල ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම වූ අතර, ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාල අදාළව සාවුරුද්ද පස් අවුරුද්දක් ලෙස සංශෝධනය කිරීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයකින් පළ කර ඇත. එය නීතියක් නොවුණොත් සිදු වන දෑ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මේ වැඩසටහනට නීති සටහන්ද දෙන අතර, සහභාගි වන්නන්ට කලින් ආසන වෙන් කර ගැනීමට ද හැකියාව ඇති බව සංවිධායකවරු පවසති.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අඅධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...


Comments
Post a Comment