Skip to main content

Posts

නාගානන්ද , ජිනීවා සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය   රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක කඩිනම් අවශ්‍යතාවය...... නාගානන්ද සහෝදර නීතිඥවරයාට අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු මලල්ගොඩ මහතා විසින් එල්ල කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු ලබා දී ඇති දඩුවම මේ වන විට මාධ්‍යයේ පළවී ඇත. ලංකාදීප එසැණ පුවත් යටතේ එකී පුවත පළ වී තිබුණේ මෙසේ ය. නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය. 2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි . අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ. උපුටා ගැනීම..... http://www.lankadeepa.lk/latest_news/නාගානන්ද-කොඩිතුවක්කුගේ-නීතීඥභාවය-...
මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන සිංහල මාධ්‍ය රචනා තරඟය - 2019 ( රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් සිසුන් ට සහභාගී විය හැකිය ) කණිෂ්ඨ අංශය 6 - 9 ශ්‍රේණි (වචන 250-300) ජේ්‍යෂ්ඨ අංශය 10 - 12 ශ්‍රේණි (වචන 400-500 ) පහත මාතෘකා 3 ඇසුරෙන් තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන රචනය ලිවිය හැකිය. ලිවීමට කඩදාසි සපයනු ලැබේ. 1.       ලොව භාෂා අතරින් සිංහල භාෂාවට හිමි ස්ථානය සහ එහි වටිනාකම 2.       සිංහල භාෂාවේ ප්‍රවර්ධනයට බුදු දහමින් ලද ආභාසය 3.       දෙස - බස - රැස සුරකිනු වස් වත්මන් දරු පරපුරේ කාර්යභාරය දිනය 2019 පෙබරවාරි ( බ්‍රහස්පතින්දා) 21 සවස 3 . 30 – 4 . 30 ස්ථානය හොරණ, පොකුණුවිට, වැලිකල, ශ්‍රී බෝධිරත්නාරමයේ පූජ්‍ය ඇල්ලේ සඳවිමල නාහිමි අනුස්මරණ ශලාවේ දී පිරිනමනු ලබන ත්‍යාග 1 සිට 20 ස්ථාන දක්වා කුසලාන හිමි වේ 50% වඩා ලකුණු ගන්නා අයට කුසලතා සහතික හිමි වේ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ සමායෝජක ...
ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා නොමිලේ පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ 06 වන වැඩමුළුව (සිංහල මාධ්‍ය) 06 වන නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය ·         ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ආරවුල් විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණයේ ස්වාධීනත්වය පිරිනමා තිබේද ? ·         ඉංග්‍රීසි භාෂා පනත් අභිබවා සිංහල භාෂා පනත් ක්‍රියාත්මක වන ආකාරය සහ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන පනත්වල වලංගුතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් ……… ·         අධිකරණයේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට අවසර දෙමින් අධිකරණ ඇමතිවරයා නිකුත් කළ ගැසට් පත්‍ර නීත්‍යානුකූලද ? ·         2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත - තොරතුරු ලබා ගන්නා ක්‍රියා පිළිවෙල සහ එහිදී ජනතාව හමුවේ ඇති අභියෝග සහභාගීවිය හැක්කේ කාටද? විශ්ව විද්‍යාල, නීති විද්‍යාල, උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින් , වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය. දිනය ...
සිංහල භාෂාවෙන් නඩු තීන්දුවල පරිවර්තන ඉල්ලීමේදී අවමන් කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු රුට  එරෙහිව ජනාධිපතිට, පාර්ලිමේන්තුවට පැමිණිලි......! 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ල ක්සිරි උණවටුන විසින් ද 2018.11.12 දින සිංහල භාෂාවෙන් පෙත්සමක් ගොනු කර තිබූ අතර එකී පෙත්සම2019.01.10 දින නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ලබා ගැනීමට කරුණු තහවුරු කිරීමට ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු විනිසුරුවරු ඉදිරියේ කැදවා ඇත. ඒ අවස්ථාවේ විජිත මලල්ගොඩ විනිසුරු නීතිඥවරයා වෙත දෝෂාරෝපනය කරමින් සිංහල භාෂාවෙන් ඔහු තීන්දුවල පිටපත් නිතරම ඉල්ලා සිටින බවත්, ඔහු හිගන්නාගේ තුවාලය මෙන් කටයුතු කරන බවත්, සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීම අධිකරණය අපහසුතාවයට පත් කිරීමක් බවත්, මේ ආකාරයට ගියොත් දෙමළ භාෂාවෙන්ද පිටපත් ඉල්ලිය හැකි බවත...
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන ඉල්ලා සිටීම අසාර්ථක වුවහොත් විශාල නඩු ගාස්තුවක් සහ නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීම සිදු විය හැකියි.....! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු රු ප්‍රියන්ත ජයවර්ධන පෙත්සම්ක රු ට විවෘත අධිකරණයේදී කියයි. 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසු රු වීමට අදාලව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018 . 12 . 13   දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගුකරමින් තීන්දු ලබා දී ඇත. එකී තීන්දු ජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඒ සමග කියවනු ලබන ජනතාවගේ ව්‍යවස්ථාදාය, අධිකරණ සහ ඡන්ද බලය සම්බන්ධව ඉතා වැදගත් තීන්දු වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු සදහා සහභාගීවීමට එම තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්තන රජය මගින් ලබා ගැනීම සදහා නීතිඥ අ රු ණ ලක්සිරි උණවටුන විසින් ගොනු කළ මෝසමේ ක රුණු දැක්වීමට 2019 ජනවාරි 10 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසු රු ව රු ඉදිරියේ කැදවන ලදී. නඩුව කැදවූ අවස්ථාවේදී නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් වන පරිවර්ත...

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන [නෛතික බලවන්ත සමාජයක් සංවර්ධිත රටකට මාර්ගය පෙන්වයි.නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැනගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.] මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන යටතේ පවත්වන (නීතිය පිළිබඳව මූලික අධ්‍යයනයක් ලැබීමට අවස්ථාව නොමැති අය සදහා වන) "නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහන" - සිංහල මාධ්‍ය - කාලය මාස 3 1/2) (මුදල් අය කිරීමක් නැත. අවශ්‍ය වැදගත් නීති මූලාශ්‍ර සහ සටහන් ලබා දේ.) සහභාගීවීම සදහා තමා විසින් සකසාගත් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ  යුතුය. සමාරම්භක දිනය : 2018.09.22 වේලාව : පෙ.ව. 9.30 - ප.ව.2.30. ස්ථානය : අංක 09. කොළඹ පාර, හදපාන්ගොඩ. විමසීම - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) දුරකථන 071 2063394 විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com නීතිය පිළිබඳ මූලික අධ්‍යයන වැඩසටහනේ අන්තර්ගතය ( වෙනස් විය හැකිය) (නීතිය පිළිබඳව උනන්දුවක් ඇති නමුත් නීතිය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති ඕනෑම අයෙකුට ඉල්ල...

විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….!

මහ බැංකු හොරු සුද්ධ කල ඒකාබද්ධයේ පාර්ලිමේන්තු නාඩගම….. විශ්වාස භංගයෙන් රනිල් ජයගැනීමත් සමග අවසන්වන බැදුම්කර විලාපය….! ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ මහ බැංකු බැදුම්කර චෝදනා, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනාය. ඒ සියලු චෝදනා වලින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිදහස් කිරීමටත් අගමැතිවරයා වරදක් කර නැති බවත් පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාවක් ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 2 හා 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වේ. නීතිපති දෙපාර්තමේන්තුවට මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ සම්බන්ධකරමින් බී වාර්තාවක් බවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් නිදොස් කරමින් නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්...