Skip to main content

Posts

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

විද්‍යුත් තැපෑලෙනි ( 2020.04.29 ) සී. ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පති, පොලිස් මූලස්ථාන, කොළඹ 01, විද්‍යුත් තැපෑල :- igp@police.lk ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම. 1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය. 2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි. 3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්...

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරමින් කථානායකගේ සහතිකය 19යට ලබාගත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 19යෙන්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීම හෙවත් ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ කලු පැල්ලම ......! පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීමට 2002 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහා ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඇතැම් ව්‍යවස්ථා විශාරදයන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 2015දී එකී උත්සාහය නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ පනත් කෙටුම්පත හරහාම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉටුකරගත් ආකාරයත් ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් ව්‍යවස්ථා සහ ප්‍රජාතන්ත්‍රවාදී අවුලක පැටළී ඇති ආකාරයත් ලංකා නීති ඉතිහාසයට කලු පැල්ලමක් එක් කළ එකී සිදුවීමේ ආකාරයත් මෙම ලිපියෙන් පෙන්වා දේ. මෙම ලිපිය කියවීමට පෙර මෙම ලියම්කරු දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතට 2020 පෙබරවාරි 09 වන ඉරිදා ලියා ඇති පහත ලිපියද කියවන්න... ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය නොකරන්න...'19 නීතියක් බවට පත් වීමට පැවැත්විය යුතු ජනමත විචාරණය පවත්වන්න...'! 19 ව්‍යවස්ථ...

කොරෝනා ජාත්‍යන්තර වසංගතය හමුවේ අනාගත ශ්‍රී ලංකාව.....!

කොරෝනා ජාත්‍යන්තර වසංගතය හමුවේ අනාගත ශ්‍රී ලංකාව.....! 1.) කඩදාසිය, බැංකු පොත, කාසි සහ මුදල් නෝට්ටු භාවිතය අත්හැරීම. 2.) විද්‍යුත් සටහන් භාවිතයට පෙළඹීම සහ පුස්තකාල, පුවත්පත් භාවිතය අඩුවීම. 3.) ජීවිත අවධානම ගැනීමට අකැමැති අය වෛද්‍ය , හෙද, ඖෂධවේදී වෘත්තීන්ට ඇතුලත්වීම අවම වීම. 4.) විද්‍යුත් ඡන්ද ක්‍රමයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම. 5.) කෘෂිකාර්මික කටයුතු සදහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම සහ සමූහ ගොවිපොළ ක්‍රම සහ ගෙවතු වගාව ජනප්‍රිය වීම. 6.) විනිසුරුවරු වීදුරු කුටියක හෝ වීදුරු ආවරණයකදී විනිශ්චයාසනගත වීම සහ විවෘත අධිකරණයට ඇතුල්විය හැකි නීතිඥවරු සහ මහජනතාව සීමා කිරීම. 7.) ආරවුල් නිරාකරණය සදහා අධිකරණය, පොලීසිය වෙත යොමුවන සංඛ්‍යාව අඩුවීම සහ සමථකරණය මගින් ආරවුල් විසදාගැනීම ඉහළ යාම. 8.) විදේශයන්ට යන අය සමාජයෙන්/ පවුලෙන් ඈත් වීම. 9.) සංචාරක කර්මාන්තය සමග නිරෝධායනය ක්‍රම සම්බන්ධ වීම. 10) පුද්ගලික ගුවන් යානා භාවිතය ඉහළ යාම. 11.)  මෝටර් සයිකල් සහ පාපැදි භාවිතය ඉගළ යාම සහ පොදු ප්‍රවාහන සේවා නිරෝධායන  සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුගත වීම. ...

කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්

කොරෝනා වැනි ජාත්‍යන්තර ව්‍යසන/වසංගතවලින් ඉදිරියේදී ආරක්ෂා වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග 07ක් මැයෙන් නීතිඥවරයෙකුගෙන් ජනාධිපතිවරයාට විවෘත ලිපියක්.... 1. සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම, සංචාරක ප්‍රවර්ධන කටයුතු නතර කිරීම සහ සෑම සංචාරකයෙක්ම ලංකාවට පැමිණීමේදී තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය" ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය  පරීක්ෂණයට ලක් කිරීම. 2. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීමෙන් පසු අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා අවස්ථාව ලබා දීම හෝ  තමා පිටත්වෙන රටෙන් " නිරෝධායන වූ බවට සහතිකය " ලබාගෙන තිබිය යුතු බවට නියම කිරීම සහ පූරණ සෞඛ්‍ය පරීක්ෂණයට ලක් කිරීම. 3. විදේශ රැකියා සදහා පිටත්ව යන අය පිටත්වීමට නියමිත දිනද ඇතුලුව දින 14ක නිරෝධායනය වූ බවට සහතිකයක් ලබා තිබීම අනිවාර්ය කිරීම. 4. විදේශයන්හී සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු පුරවැසියන් දින 14ක් නිරෝධායනය සදහා යොමු කිරීම. 5.අත්‍යාවශ්‍ය හෝ හදිසි හෝ දින 14ක් ඇතුළත ඉටුකළ යුතු අවශ්‍යතා ඇති අය විදේශවල සිට ශ්‍රී ලං...

ජාතික ව්‍යසනයකදීවත් කැදවන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලංකාව බවට පත්වීම වළකා පාර්ලිමේන්තුව කැදවන හැටි මෙන්න...!

ජාතික ව්‍යසනයකදීවත් කැදවන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලංකාව බවට පත්වීම වළකා පාර්ලිමේන්තුව කැදවන හැටි මෙන්න...! ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර ජනතාවගේ කැමැත්ත පරිදි නීතියට අනුව රට පාලනය කිරීමයි. ඒ සදහා ජනතාව විසින් සිය නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගනිමින් තමන් වෙනුවෙන් නීති පැනවීමට සහ තීන්දු සහ තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට බලය ලබා දී ඇත. වර්තමානයේ ලාංකීය සමාජයේ ජනතාව නොසිතූ ආකාරයේ ජීවිත උවදුරකට, තර්ජනයකට ලක්වී සිටී.එසේ වුවද, ජනතාවගේ නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට ජනතාවගේ අදහස් නියෝජනය කිරීමට අවස්ථව අහිමි වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයක් වන ජනතාවගේ නියෝජිතයන්‍ට තමන්ව පත් කළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව යොදා ගැනීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. ඒ රටේ පාලනය ස්වාධීන කිරීමට කියමින් ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීමට යම් පිරිසකගේ අවශ්‍යතාවයට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙනි. නීතියට පටහැනිව පවත්වාගෙන යන 19යට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මේ තත්ත්වය නිවැරදි වන අතර පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 19ය මොහාන් පීරිස් අගවිනිසුරු ඉව‍ත්කළා මෙන් බැහැර කර පාර්ලිමේන්තුව කැදවා පාර්ලිමේන්තුවට වසර 6ක් වනතුරු ඉන්න දී වසර 1 1/2කින් පාර්ලිමේන්තු මැතිවරණය තබන්න...

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කළ 19ය මොහාන් පීරිස් අගවිනිසුරු ඉව‍ත්කළා මෙන් බැහැර කර පාර්ලිමේන්තුව කැදවා පාර්ලිමේන්තුවට වසර 6ක් වනතුරු ඉන්න දී වසර 1 1/2කින් පාර්ලිමේන්තු මැතිවරණය තබන්න... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම අප සැමගේ මූලික යුතුකමයි. යමෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේනම් එයට එරෙහි වීමත් එකී උල්ලංඝනය නිවැරදි කිරීමත් නීතියේ පාලනය සහ යහපාලනය වෙනුවෙන්වන පුරවැසියන්ගේ වගකීම බවත් යුතුකම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාව අනුව පැහැදිලි මූලධර්මයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැන වූ සමයේ එහි 62.2 අනුව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 06කි. (නීතියක් නොවූ 19න් පාර්ලිමේන්තුවේ ධූරකලය වසර 05ක් කර ඇත) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය දා එනම් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33(2)ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවනු ලැබුයේ පාර්ලිමේන්තුවට වසර 4 1/2ක් ගිය තැනය. ඒ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස සළකමින්...

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමේදී ක්‍රියා කළ වැරදි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවේ...! 

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමේදී ක්‍රියා කළ වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවේ...!   මාර්තු 15 දිවයින ඉරිදා සංග්‍රහය 04 වැනි පිටුවේ ඇති වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලියා ඇති "19ට දැන් කළ යුතු දේ" ලිපිය මගින් 19යේ ව්‍යවස්ථා විරෝධීබව සම්බන්ධයෙන් වන විද්වත් සාකච්ඡාවට හොද පදනමක් සපයා දී ඇත. එම වෛද්‍යවරයා ජාතික සංවිධාන නියෝජනය කරන්නෙකු වීමත්, 19යට දැන් කළ යුතු දේ පිළිබද එකී අදහස ජාතික සංවිධානවල අදහසම වීමේ වැඩි නැඹුරුවක් තිබිය හැකි වීමත් මත මෙම ලිපිය මගින් පෙන්වා දෙන කාරණා 19යේ අවුල විසදා ගැනීමට ජනාධිපතිවරයාටත්, ජනතාවටත්, කථානායකවරයාටත් සහායක් ලබා දෙනු ඇත. "19ට දැන් කළ යුතු දේ" ලිපිය ලිවීමේදී එම වෛද්‍යවරයාට පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනසත්, සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයත්, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය ආ...