Skip to main content

Posts

අසද්භාවයෙන් ක්‍රියා කරන විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ නඩු පවරන ආකාරය.... නීති අධ්‍යාපන වැඩසටහන 2024 ජනවාරි 19 දින

2024 ජනවාරි 19 දින පැවැත්වීමට නියමිත මෙම නීති අධ්‍යාපන වැඩසටහන එදින නොපැවැත්වෙන බවත් පවත්වන ඉදිරි දිනය දැනුම් දෙනු ලබනු ඇත. වැඩි විස්තර සඳහා 0712063394 දුරකථන අංකයෙන් විමසන්න. අසද්භාවයෙන් ක්‍රියා කරන විනිසුරුවරුන්ට, රජයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නීතිය යටතේ නඩු පවරන ආකාරය.... නීති අධ්‍යාපන වැඩසටහන 2024 ජනවාරි 19 දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී. (ආසන සීමිතයි - ආසන කලින් වෙන්කර ගන්න) නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට/ පොලිස් නිලධාරීන්ට/ විශ්‍රාමිකයන්ට/ නීතිය පිළිබඳ උනන්දු අයට. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලේඛක, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

නඩු මෙහෙයවීමෙන් ඉවත් වූ පොලීසියට එරෙහිව පැමිණිලි [දිවයින 2023 නොවැම්බර් 10 (මුල් පිටුව සහ 4 වන පිටුව)]

නඩු මෙහෙයවීමෙන් ඉවත් වූ පොලීසියට එරෙහිව පැමිණිලි [දිවයින 2023 නොවැම්බර් 10 (මුල් පිටුව සහ 4 වන පිටුව)]

මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගන්න එපා වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කරගන්න එපා.

මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගන්න එපා වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කරගන්න එපා. 1978 සිට මේ දක්වා දක්ෂයෙක් ජනාධිපති කරගැනීමට නොහැකි වීම නිසා බෙදුම්වාදය නීතියෙන් සහ දැනුමෙන් අවසන් කර ගැනීමට, ආර්ථික, අධ්‍යාපන, තාක්ෂණික දියුණුව සළසා ගැනීමට, රාජ්‍ය දෙපළ ආරක්ෂා කරගැනීමට නොහැකි වී පැලැස්තර විසඳුම් ලබා ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනත් දියුණු රටවල මෙන් ජනතාව විසින් සෘජු ඡන්දයෙන් සිදු කරයි. ජනතාවගේ සෘජු ඡන්දයෙන් විධායක ජනාධිපති තෝරා ගැනීම ඉවත් කර පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් විධායක අගමැතිවරයෙකු තෝරා ගැනීමට ගියහොත් එය කිහිප දෙනෙකුගේ සිතැගියාව අනුව, බහුජාතික සමාගම්වල අවශ්‍යතාව අනුව, රාජ්‍ය නොවන සංවිධාන හෝ තානාපති කාර්යාලවල කැමැත්ත අනුව, පක්ෂ නායකයන්ගේ අදහසට තෝරා ගන්නා දෙයක් බවට පත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ ජනතාව සතු ඡන්ද බලය (ජනාධිපතිවරණය) අහෝසි කිරීමෙන් නොවේ. මුහුණත් එක්ක තරහයි කියා නහය කපා ගැනීම නුසුදුසු වගේ දක්ෂයෙක් ජනාධිපති වුණේ නෑ කියා ජනාධිපතිවරණ ඡන්ද බලය අහිමි කර ගැනීමද නුසුදුසුය. දක්ෂයෙකු ජනාධිපතිව...

හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි?

හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පූර්ණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තු ක්‍රියා කිරීම ජනතා පරමාධිපත්‍යයට පටහැනිය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද 2023.09.05 වන අඟහරුවාදා  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට කථානායකට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ 1961/31 දරන ආයුර්වේද පනත සිංහල දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු නියමය ඉටු කර තිබේද නැද්ද යන්න අදාලව එකී දින සහ ගැසට් අංක පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී දැනුම් දී නොතිබියදීත්, වැදගත් නීති ප්‍රශ්න විසඳී නොතිබියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියාමාර්ග ගතහොත් පාර්ලිමේන්තුව වාරාවාසාන කරන ලෙස පාරම්පරික වෛද්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබියදීත් මෙම ආයුර්වේද සංශෝධන පනත් ...

ආයුර්වේද සංශෝධනය වැරදි ලෙස සම්මත කරන්න එපා. මහජන අත්සන් ලක්ෂයක පෙත්සමක් රජයට.....

ආයුර්වේද සංශෝධනය වැරදි ලෙස සම්මත කරන්න එපා. මහජන අත්සන් ලක්ෂයක පෙත්සමක් රජයට..... රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස සම්මත කිරීමට යාමට එරෙහිව මහජන අත්සන් ...................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුලු අයට බාර දීම.... 1. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සළකා බැලීමට පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කථානායකට පෙත්සම් ඉදිරිපත් වී තිබියදී ,(2023.08.22 දිවයින 08 පිටුව) 2. වැරදි ලෙස ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියදී 3. 1961 අංක 31 දරන ආයුර්වේද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාල ගැසට් පත්‍ර අංක සහ දින පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී මේ වනතෙක් ලබා දී නොතිබියදී රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත  සම්මත කිරීමට යාම නීතියේ පාලනයට, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එයට එරෙහිව මහජන අත්සන්.................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට...

නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)

(නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) (මුද්‍රිත නිබන්ධන සහ මූලාශ්‍ර සපයයි) ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.) අන්තර්ගතය නීතිය - නීති මූලාශ්‍ර / නීති පනවන ආකාරය, නිසි ක්‍රියාදාමය, ස්වභාවික යුක්ති මූලධර්ම, පනත් කෙටුම්පත්, පනත් කෙටුම්පත් ගැන දැනගන්නා ආකාර, පනත් කෙටුම්පතක් හෝ එහි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය පිළිබදව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23,78, 80, 83, 118, 120, 121, 122, 124 සහ 125 ව්‍යවස්ථා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ නියම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නැවත සළකා බැලීමේ නීතිය සහ ස්ථාවර නියෝග, නීති සම්මත කිරීම, පාර්ලිමේන්තුව පනවන නීති වෙනස් කිරීම හෝ ඉවත් කිරීම. කවුරුන් වෙනුවෙන්ද? සා/පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය හදාරන සිසුන්ට උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා බලාපොරොත්තු අයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල අයට කරන අය...

පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය - නොමිලේ පවත්වන නීති වැඩමුළු මාලාව - අයදුම් පත්‍රය

(දිවයින පුරා නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය....විස්තර සහ අයදුම් පත්‍රය ඔබගේ පාසලේ/ පුස්තකාලයේ/ ආයතනයේ/ ස්ථානයේ පැවැත්වීමට අදහස් කරන්නේ නම් 0712063394 දුරකථන අංකයෙන් විමසන්න..... පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබ‍ඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය සම්බන්ධයෙන් නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළුව අයදුම් පත්‍රය - 2023