Skip to main content

ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරන "අරගලය" ඉංග්‍රීසි ජාතිවාදීන් පෝෂණය කිරීමටද?

ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරන "අරගලය" ඉංග්‍රීසි ජාතිවාදීන් පෝෂණය කිරීමටද?
(ඉංග්‍රීසි ජාතිවාදීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දීම වළක්වාගෙන ඇත. "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න ඉන් බිඳවැටී ඇත. මේ කෙටි ලිපිය ඒ ගැන පැහැදිලි කිරීමට සහ එය නිවැරදි කර නීතියේ පාලනය ස්ථාපිත කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටය.) "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න පිළිගත් වලංගු නීති සිද්ධාන්තයකි. නීතියේ මූලාශ්‍ර 2කි. ඒ පාර්ලිමේන්තුව පනවන නීති සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය. පාර්ලිමේන්තුව පනවන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන සෑම තීරණයක්ම නීතිය ලෙස සළකනු ලබයි. ඒ අධිකරණ පූර්ව නිදර්ශන සිද්ධාන්තය ක්‍රියාත්මක වීම තුළය. පාර්ලිමේන්තුව පනවන නීති බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දුන්නද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දෙන්නේ නැත. ඒවා ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පනවන නීති හෝ නීති අර්ථනිරූපණ දැනගත හැක්කේ ඉංග්‍රීසි දන්නා අයට පමණක් වන අතර, ඉංග්‍රීසි නොදන්නා ජනතාවට ඉන් බලවත් අසාධාරණයක් සිදුවේ. මෙය නිවැරදි කිරීමට අධිකරණ අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව ක්‍රියා නොකරන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ බලපෑම හේතුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීම මගින් "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" යන්න නිවැරදිව යොදාගත හැකිය. පහළ අධිකරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් තීන්දු ලබා දුන්නාද, නීති මූලාශ්‍රයක් ලෙස සළකන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා නොදීම නීතියේ පාලනය දුර්වල කිරීමට හේතුවකි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන්නේත් හෝ එය නිවැරදි කරන්නේ නැත. අරගලයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රටේ බහුතර ජනතාව භාවිතා කරන භාෂාවෙන් ලබා දෙනවාද? එසේ නැත්නම් වර්තමානයේ මෙන් ඉංග්‍රීසි දන්නා සුලුතරයගේ භාෂාවෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දෙනවාද යන්න විසඳා ගැනීම ජනතා ප්‍රශ්න විසඳීමට සිදුකරනවා කියන අරගලයේදී පැහැදිලි කර ගැනීමෙන් ජනතාව කබලෙන් ලිපට වැටීමෙන් ගැලවිය හැකිය. නැත්නම් වන්නේ පෘතුගීසින් යවා ලංදේසීන් ආවාට වැඩි පාවාදීමක් අරගලයෙන් පසු ජනතාවට අත්විදීමට සිඳුවීමය. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.07.09)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය