Skip to main content

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!

විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම....!
රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් කබලෙන් ලිපට වැටී ඇත. ගෝඨාභය ජනාධිපතිවරයාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නෙරපා දැමීමට සිංහල භාෂාවෙන් නිවේදන ප්‍රසිද්ධ කළ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය අරමුණු ඉටු කර ගැනීමෙන් පසු නැවත සුලුතරයේ ඉංග්‍රීසි භාෂාවට මාරු විය. දැන් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න විදෙස් හමුදා මැදිහත් වීමක් දක්වා ව්‍යාප්ත කරවීමට අවශ්‍ය පරිසරය ඉංග්‍රීසියෙන් තීරණ තීන්දු ගන්නා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ප්‍රධානීන් විසින් සකස් කර ඇත. 2020.12.30 අංක 2208/13 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම නතර කළ අලි සබ්‍රි ගෝඨාභය ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නෙරපා දැමීමෙන් පසු විදේශ ඇමති වීම විදෙස් හමුදා කැදවීමට දායකත්වය දෙනු ඇත්තේ කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විදෙස් නීති ගෙන ඒමට පනත් කෙටුම්පතක් ගෙන ඒමේ පූර්වාදර්ශයක් ඇති හෙයිනි. කෝරෝනා ව්‍යසනයට ආවරණය වී පනත් කෙටුම්පතක් ගෙනවිත් එක් පුරවැසියෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් (SC/SD/ 24/2021) පරාජය වූ අලි සබ්‍රි මෙදා අරගලය ප්‍රයෝජනයට ගෙන විදෙස් ඇමති වී ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇත. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදෙස් නීති ගෙන ඒමට අලි සබ්‍රි උත්සාහ කළ ආකාරය සහ එය පරාජය වූ ආකාරය දැන ගැනීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389 - 1450 දක්වා පිටුවල ඇති 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19 ) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවන්න) බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම තේරුම් ගැනීමට නිරවුල් සහ ස්වාධීන චින්තනයකින් ගෝඨාභය ජනාධිපතිවරයා නෙරපා දැමීම කියවිය යුතුය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.07.24)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය