Skip to main content

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද?

සෝල්බරි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමේ සහ අග්‍රාණ්ඩුකාරධූරය ඇති කිරීමේ 1972 ජනරජ ව්‍යවස්ථාවට එරෙහි "ප්‍රති නෛතික විප්ලවය" සාර්ථක කරගැනීමටත් අරගලකරුවෝ සහාය දෙයිද?
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව නෙරපා ගත් පසු තමන්ට අවශ්‍ය කෙනා අග්‍රාණ්ඩුකාරවරයා (වැඩබලන ජනපති) වන බව නීති සංගමයේ ඉහළ ක්‍රියාකාරීන් දැන සිටි නමුත් අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් බහුතරයක් ඒ බව දැන සිට නැති බව ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්කර ගැනීම සහ අත්හැරීම සම්බන්ධ සිදුවීම් පෙන්වා දෙයි. ඒ බව පැහැදිලි වන්නේ ජර්මන් ජාතික දාර්ශනික කෙල්සන්ගේ "Grundnorm" නීති මූලධර්මය පිළිබඳ අරගලකරුවන්ගේ නොදැනුවත් බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ 1972 සිදුවූ නෛතික විප්ලවයද අපසු හැරවී 1948 සෝල්බරි ව්‍යවස්ථාව දක්වා වන ප්‍රති නෛතික විප්ලවයක් සිඳුවීමය. එනම් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට පෙර පැවති තත්ත්වයට රට යාමය. 1970 මැතිවරණයෙන් ජයගත් සමඟි පෙරමුණු ආණ්ඩුව එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව බැහැර කර නෛතික විප්ලවයක් එනම් Grundnorm මගින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතියද නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන්ට ලබා දුන්නේය. එසේ වුවත් රාජපක්ෂ ආණ්ඩු විසින් 2010 දී සහ 2020දී නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉවත් කළේය. (බලන්න 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය) ඒ අනුව සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වා ඇති හෙයින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකියාව ඇති විනිසුරුවරු සහ නීතිඥයන් බිහිවීමද වළක්වා ඇත. ඒ අනුව මේ වනවිට 1972 සිදුවූ නෛතික විප්ලවයට එරෙහි ප්‍රති නෛතික විප්ලවයට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සකස්කර ගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපා දැමූ අරගලකරුවන්ව එකී නීති වෙනස එනම් ප්‍රති නෛතික විප්ලවය කරගැනීමට සහාය කර ගැනීමට නීති සංගමයට හැකිවෙයිද යන්න කීමට තවම කල් වැඩිය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකතන 0712063394 (2022.07.16)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...