Skip to main content

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්....

මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ඉල්ලීමක්....
ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පැවැත්වීමට හැකිවන පරිදි ඩිජිටල් ඡන්ද ක්‍රමයට පරිවර්තනය කරන නීති සංශෝධන ගෙනෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායකට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් දැනුම් දේ. ඩිජිටල් ඡන්ද ක්‍රමය හදුන්වාදී නීති සංශෝධන ගෙනා යුතු නීති 6ක් එහි දක්වා ඇත. ඒවා නම් පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත, ජනමතවිචාරණ පනත, පළාත්සභා පනත, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වේ. එකී ලිපියේ පිටපතක් පහත දැක්වේ. එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කතානායක මහින්ද යාපා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සන්ජය රාජරත්නම් වෙතද යොමු කර ඇත. මෙම නීති සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් වැඩබලන ජනාධිපතිවරයා, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සෘජුවම ජනතාවට කළ හැකි වේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීති සම්මත කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමත් ජනතාවට හිමි වේ. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.07.12)

Comments

  1. මේ ලිපියට ඇතුලත් කරන්න මේව
    දැනට ක්‍රියාඅත්මක වන රටවල්
    මේකේ රහසය බව ශ ආරක්ශිත බව රැකෙන බවට සාදක
    වාසි අවාසි
    මේ හරහ යම් වරදක් උනොත් එය අදුනගන්න සහ නිවරදිකරන කාර්‍යක්ශම පිලිවලක්

    ReplyDelete
  2. අදාල කටයුතු මැතිවරණ කොමිසම, කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල විසින් කාර්ය පටිපාටිමය පියවර ගනී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය