Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන  ආකාරය නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 2023 මැයි 22 සවස 2-5 දක්වා පවත්වන ලදී. මෙය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යාපන වැඩසටහන මගින් පවත්වන ලද 18 වන නීති අධ්‍යාපන වැඩසටහනයි. අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ආරක්ෂා කිරීම, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ විධිවිධාන, පනත් කෙටුම්පත් අභියෝග කිරීමේදී පනත් කෙටුම්පත් අධ්‍යයනය කරන ආකාරය, රිට් නඩු පැවරීමේදී සළකන කරුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන  ගැන මෙහිදී පැහැදිලි කර දෙන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර සහ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවී ඇති අධිකරණ බලය රටේ සංවර්ධනයට දායකවීම තුළණාත්මකව විග්‍රහ කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් පවරා ඇති නඩු වර්ග අධ්‍යයනය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙනු ලැබීය. නීතීඥවරු විසින් දේශන පවත්වනු ලැබූ අතර, නීති අධ්‍යාපන පත්‍රිකාද ලබා දෙනු ලැබීය. සිංහල භාෂාවෙන් නඩු පැවරීමේදී සැළකිලිමත් විය යුතු නීති සහ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් පනත් කෙටුම්පත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පනත්, හැන්සාඩ් වාර්තා ලබා ගන්නා ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දෙනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවරා ඇති නඩු වර්ග අධ්‍යයනය කිරීමෙන් දැනුම වර්ධනය කර ගත හැකි ආකාරය පැහැදිලි කර දෙනු ලැබීය. මුල් අවස්ථා අධිකරණ බලය, අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අධිකරණ බලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් පැහැදිලි කරනු ලැබීය. අධිකරණ භාෂාව සම්බන්ධ විධිවිධාන පිළිබඳව නීති ශිෂ්‍යයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය පටිපාටිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීමට එය මූලික සුදුසුකමක් බවත් පෙන්වා දෙනු ලැබීය. මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු වර්ධනය වීම රටේ සංවර්ධනයට දායකවීම තුළණාත්මකව පැහැදිලි කර දෙනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතු වීම අවධාරණය කරන ලදී. ඉංග්‍රීසියෙන් ඇති පනත් පරිවර්තන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති බව පෙන්වා දෙනු ලැබීය. නීති දැනුම ලබා ඇති විවිධ මට්ටම්වල අය සහභාගී වූ හෙයින් ගැඹුරු නීති කරුණු සාකච්චා නොකළ අතර නඩු පැවරීමේදී ආත්ම විශ්වාසය ගොඩනගා ගත යුතු ආකාරයත්, නඩු පැවරීමේදී සළකා බැලිය යුතු කරුණු කෙරෙහිත් දැනුම ලබා දෙන ලදී. දේශකයන්ට සහ සාර්ථකව පිළිතුරු දුන් අයට ත්‍යාග පිරිනැමීමද විශේෂ සිදුවීමක් විය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.22)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය