Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන  ආකාරය නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 2023 මැයි 22 සවස 2-5 දක්වා පවත්වන ලදී. මෙය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යාපන වැඩසටහන මගින් පවත්වන ලද 18 වන නීති අධ්‍යාපන වැඩසටහනයි. අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ආරක්ෂා කිරීම, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ විධිවිධාන, පනත් කෙටුම්පත් අභියෝග කිරීමේදී පනත් කෙටුම්පත් අධ්‍යයනය කරන ආකාරය, රිට් නඩු පැවරීමේදී සළකන කරුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන  ගැන මෙහිදී පැහැදිලි කර දෙන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර සහ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවී ඇති අධිකරණ බලය රටේ සංවර්ධනයට දායකවීම තුළණාත්මකව විග්‍රහ කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් පවරා ඇති නඩු වර්ග අධ්‍යයනය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙනු ලැබීය. නීතීඥවරු විසින් දේශන පවත්වනු ලැබූ අතර, නීති අධ්‍යාපන පත්‍රිකාද ලබා දෙනු ලැබීය. සිංහල භාෂාවෙන් නඩු පැවරීමේදී සැළකිලිමත් විය යුතු නීති සහ ඩිජිටල් තාක්ෂණය ඇසුරෙන් පනත් කෙටුම්පත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පනත්, හැන්සාඩ් වාර්තා ලබා ගන්නා ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දෙනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවරා ඇති නඩු වර්ග අධ්‍යයනය කිරීමෙන් දැනුම වර්ධනය කර ගත හැකි ආකාරය පැහැදිලි කර දෙනු ලැබීය. මුල් අවස්ථා අධිකරණ බලය, අභියාචනා, ප්‍රතිශෝධන සහ රිට් අධිකරණ බලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් පැහැදිලි කරනු ලැබීය. අධිකරණ භාෂාව සම්බන්ධ විධිවිධාන පිළිබඳව නීති ශිෂ්‍යයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය පටිපාටිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීමට එය මූලික සුදුසුකමක් බවත් පෙන්වා දෙනු ලැබීය. මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු වර්ධනය වීම රටේ සංවර්ධනයට දායකවීම තුළණාත්මකව පැහැදිලි කර දෙනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භෂාව පිළිබද ඉහළ දැනුමක් තිබිය යුතු වීම අවධාරණය කරන ලදී. ඉංග්‍රීසියෙන් ඇති පනත් පරිවර්තන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති බව පෙන්වා දෙනු ලැබීය. නීති දැනුම ලබා ඇති විවිධ මට්ටම්වල අය සහභාගී වූ හෙයින් ගැඹුරු නීති කරුණු සාකච්චා නොකළ අතර නඩු පැවරීමේදී ආත්ම විශ්වාසය ගොඩනගා ගත යුතු ආකාරයත්, නඩු පැවරීමේදී සළකා බැලිය යුතු කරුණු කෙරෙහිත් දැනුම ලබා දෙන ලදී. දේශකයන්ට සහ සාර්ථකව පිළිතුරු දුන් අයට ත්‍යාග පිරිනැමීමද විශේෂ සිදුවීමක් විය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.22)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...