Skip to main content

දිසා අධිකරණයේ නඩු ප්‍රමාදයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් තිබීමද, තවත් නීති තිබීමද, දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වීමද හේතු වෙයි...!

දිසා අධිකරණයේ නඩු ප්‍රමාදයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් තිබීමද, තවත් නීති තිබීමද, දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය වීමද හේතු වෙයි...!
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු වෙනස් කාර්ය පටිපාටියක් අනුගමනය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරනු ලබන නඩු නිෂ්ප්‍රභා කිරීමට එකී අධිකරණ වල විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් තිබේ. එමෙන්ම එකී නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් අභියාචනා බලයක්ද නැති අතර, අභියාචනාධිකරණයේ නිෂ්ප්‍රභා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනා අවසර අවස්‍ථාවක් පමණක් ඇත. එසේ වුවත් දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට තමන් ඉදිරියේ ඇති නඩුවක් මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉතා සීමිතය. දිසා අධිකරණය යනු සාක්ෂි විමසන අධිකරණයක් වීම මෙයට හේතුවකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මුල් වරට පවරන නඩු මෙන් නොව දිසා අධිකරණයේ පවරන නඩු සම්බන්ධයෙන් තීරණ ගැනීමට දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ට පුලුල් අභිමතයක් නීතියෙන් ලබා දී නැත. එමෙන්ම දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ අවසානාත්මක තීරණයට එරෙහිව අභියාචනා කිරීම අයිතිවාසිකමක් ලෙස නීතියෙන් නඩුවේ පාර්ශවයන්ට ලබා දී ඇත. දිසා අධිකරණයේ නඩු පවරන සමහරක් අදහස් කරන්නේ පැමිණිල්ල, උත්තරය, ප්‍රති උත්තරය, පූර්ව නඩු විභාගය, විසඳිය යුතු ප්‍රශ්න නැගීම, සාක්ෂි විමසීම, නඩු තීන්දුව, තීන්දු ප්‍රකාශය, අභියාචනා කිරීම ගැන විධිවිධාන පමණක් සිවිල් නඩු විධාන සංග්‍රහයේ පවතින බවයි. සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති 840ක් ඇති අතර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ පසු අවස්ථාවෝචිතව එකී වගන්ති නඩුවට අදාල වීම හෝ නොවීම ගැන හොඳ අවබෝධයක් නොමැති තැනැත්තෝ නඩු ප්‍රමාද වීම ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරති. එයට අමතරව සාක්ෂි ආඥා පනත, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීති හේතුවෙන්ද නඩු ප්‍රමාද විය හැකිය. දිසා අධිකරණයේ නඩු පවරන පැමිණිලිකරුට පමණක් නොව විත්තිකරුටද යුක්තිය ඉටු කිරීම නීතිය අපේක්ෂා කරයි. එනම් දෙපාර්ශවටම යුක්තිය ඉටු කිරීමට පදනම් වන ආකාරයට නීතිය නිර්මාණය වී ඇත. පැමිණිල්ලට හෝ විත්තියට හෝ විනිසුරුවරයාට අවශ්‍ය පරිදිී ඉක්මණින් නඩු විභාග අවසන් කිරීම නීතිය අනුගමනය නොකර කළ නොහැකි වීම දිසා අධිකරණයේ කාර්ය පටිපාටියට අයත් වෙයි. එමෙන්ම පැමිණිල්ල නිවැරදිව කෙටුම්පත් නොකිරීම, සත්‍ය යටපත් කරන ලෙස පැමිණිල්ල කෙටුම්පත් කිරීම, පැමිණිල්ල සමඟ ව්‍යාජ ලේඛන හෝ වැරදි ලේඛන ඉදිරිපත් කිරීම, පාර්ශවයන් නිවැරදිව නම් නොකිරීම,  පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥවරු හෝ විනිසුරුවරයා නඩුවේ පාර්ශවයන් බවට පත් වීම, විනිසුරුවරයා පක්ෂපාතී වීම වැනි කාරණා නිසාද නඩු ප්‍රමාද විය හැකිය. මෙහිදී වැදගත් වන්නේ ඉක්මණින් නඩු විභාග කිරීමට යාමට අවශ්‍යයි කියමින් නීතිය නොතකා ක්‍රියා කිරීමට සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, අධිකරණ සංවිධාන පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි නීති දිසා අධිකරණයේදී බාධාවක් වන බවත්, සත්‍ය සොයා ගොස්, යුක්තිය ඉටු කිරීමට එකී නීති ඉතා වැදගත් උපකාරයක් නඩුවේ පාර්ශවයන්ට සිඳුකරන බවත් ය. ෆීනික්ස් නීති සාර සංග්‍රහය, දුරකථන 0712063394 (2023.05.07)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...