Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත. 1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලදී. මේ මුල් අවස්ථා මූලික අයිතිවාසිකම් අධිකරණ බලය බලවතුන් විසින් ඉංග්‍රීසියෙන් ක්‍රියාත්මක කර ගත්තේය. මේ සඳහා කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හැදුවේ නැත.ශ්‍රේෂ්ඨාධිකරණය රීති වලින් මෙය විධිමත් කළද ඒවා විස්තරාත්මක නැත. අපාරධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය වැනි කාර්ය පටිපාටි නීති, සහ සාක්ෂි ආඥා පනත වැනි නීති අදාල වන්නේ පහළ අධිකරණ වල මුල් අවස්ථා අධිකරණ බල කාර්ය පටිපාටිවලටය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක්ම ලබා දුන්නත් කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හදුන්වා නොදීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව එකී කාර්ය පටිපාටිය සහ නඩු නිෂ්ප්‍රභ කිරීම සිදු විය. පහළ අධිකරණ නඩුවක් නිෂ්ප්‍රභා කළ විට හේතු දැක්විය යුතු වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් නිෂ්ප්‍රභ කළ විට හේතු දැක්වීමක් අවශ්‍ය නොවීය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය මැන බලන මිනුම් දණ්ඩක් නොවීය. මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් අවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම ඉංග්‍රීසි දන්නා බලවතුන්ට පමණක් සීමා වීම දිගින් දිගටම සිඳුවන අතර එකී අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම පොදු ජනතාවගෙන් ඈත් වී තිබේ. මෙය වෙනස් විය යුතුය. 1978 ට පෙර මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය හිමිකර දී පහළ අධිකරණ වල නීතිමය සහ සිද්ධිමය වැරදි නිවැරදි කරන අධිකරණයක් බවට පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් මෙය පාලනය කළ හැකිය. මූලික අයිතිවාසිකම් වැනි මුල් අවස්ථා නඩු  මහධිකරණයට පැවරිය හැකිය. ඒ සදහා විධිමත් කාර්ය පටිපාටියක් එනම් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත දානටමත් ඇත. එවිට අභියාචනා, ප්‍රතිශෝධනය සහ යථා තත්ත්වයට පත් කිරීමේ අයිතියද රැකිය හැකිය. නීතීඥ අරුණ ලකසිරි උණවටුන විසින් 2023.05.22 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීමේ වැඩසටහනේදී කළ දේශනයෙන්....(2023.05.22)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...