Skip to main content

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද?

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද?
(බුද්ධාගමේ හර පද්ධතිය කිහිප දෙනෙකු විසින් වචනයෙන් බිඳවීම සහ එයට ලබා දීමට යන කායික දණ්ඩන නෛතික ප්‍රතිචාර මගින් බුදු දහමේ සාරයට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවබෝධයක් නීතිය ඇසුරෙන් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.) තලේබාන් ක්‍රමයට බුද්ධ ශාසනය ආරක්ෂා කළ නොහැකි අතර, රෝම ලංදේසි නිතියෙන් ද බුද්ධාගම ආරක්ෂා කළ නොහැක. අන් ආගමික විනිසුරුවරු බුද්ධාගම හෝ බුද්ධ ශාසනය සම්බන්ධ තීරණ ගැනීමේ නෛතික සහ සදාචාර සම්පන්න සාක්ෂරතාවය තිබේද? කාති අධිකරණ වලට ඉස්ලාම් හැර කතෝලික හෝ බෞද්ධ විනිසුරු පත් වෙයිද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බුද්ධ ශාසනය සම්බන්ධ නීති අධ්‍යාපනය ලබා දෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ සිංහල ඉංහ්‍රීසි වෙනස තේරුම් ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ බුද්ධ ශාසන අධිකරණය පිහිටුවීමත් වහා නොකළහොත් බුද්ධාගම අනාරක්ෂිත වනු ඇත. බුද්ධාගමේ දහම සම්බන්ධ කාරණාවලදී කායික දණ්ඩන පනවා නැති අතර, බ්‍රහ්ම දණ්ඩනය පමණක් සීමිත අවස්ථාවක දඩුවමක් ලෙස පනවා ඇත. බුද්ධාගම අවිහිංසාවාදී, මෛත්‍රීය පතුරවන දහමකි, ඉගැන්වීමකි. එය බාර්බේරියන් වර්ගයට ඇද දැමීම තේරුම් නොගතහොත් රටත්, සමාජයත් තවත් අර්බුදයට ඇද දමයි. චූලෝදර මහෝදර ආරවුල වැළැකූ, ලිච්ඡවී පාලනය කියා දුන් බුදු රජාණන් වහන්සේගේ දහම පලිගැනීම, වෛරය නොව මෛත්‍රීය වෙතටය. නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං. අවේරේනච සම්පත්තී, ඒස ධම්මෝ සනන්තනෝ.... (වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය ලෝක ධර්මතාවයකි.) පාඨයෙන් ජපානයට පවා බෝම්බ හෙළීම සම්බන්ධයෙන් වෛර නොකිරීම ගැන පාඩම් කියා දුන්නේ ශ්‍රී ලංකාව බව අමතක නොකළ යුතුය. ධර්මිෂ්ඨ සමාජය ක්‍රියාත්මක විය යුත්තේ ආගමික කරුණු ගැන වෛරයෙන් සහ පළිගැනීමෙන් ක්‍රියා කිරීමෙන් නොව සාකච්ඡාවෙනි, විවාදයෙනි. තලේබාන් ක්‍රමයට බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත් කළ නොහැකිය. එසේ කිරීම බුද්ධ ශාසනයේ පිරිහීමට හේතු වෙයි. බුද්ධාගමට සහ බුද්ධ ශාසනයට අගෞරව කරන අයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ පොලීසියට නඩු පැවරිය හැකිය. නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය.දුරකථන 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය