Skip to main content

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද?

වචනයට කායික දණ්ඩන නියම කිරීම බුද්ධාගම යනු බාබේරියන් සමාජයක ආගමක් බව පෙන්වීමේ සැළසුමක්ද?
(බුද්ධාගමේ හර පද්ධතිය කිහිප දෙනෙකු විසින් වචනයෙන් බිඳවීම සහ එයට ලබා දීමට යන කායික දණ්ඩන නෛතික ප්‍රතිචාර මගින් බුදු දහමේ සාරයට අත්විය හැකි අහිතකර ප්‍රතිඵල ගැන අවබෝධයක් නීතිය ඇසුරෙන් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.) තලේබාන් ක්‍රමයට බුද්ධ ශාසනය ආරක්ෂා කළ නොහැකි අතර, රෝම ලංදේසි නිතියෙන් ද බුද්ධාගම ආරක්ෂා කළ නොහැක. අන් ආගමික විනිසුරුවරු බුද්ධාගම හෝ බුද්ධ ශාසනය සම්බන්ධ තීරණ ගැනීමේ නෛතික සහ සදාචාර සම්පන්න සාක්ෂරතාවය තිබේද? කාති අධිකරණ වලට ඉස්ලාම් හැර කතෝලික හෝ බෞද්ධ විනිසුරු පත් වෙයිද? ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බුද්ධ ශාසනය සම්බන්ධ නීති අධ්‍යාපනය ලබා දෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවේ සිංහල ඉංහ්‍රීසි වෙනස තේරුම් ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාවේ බුද්ධ ශාසන අධිකරණය පිහිටුවීමත් වහා නොකළහොත් බුද්ධාගම අනාරක්ෂිත වනු ඇත. බුද්ධාගමේ දහම සම්බන්ධ කාරණාවලදී කායික දණ්ඩන පනවා නැති අතර, බ්‍රහ්ම දණ්ඩනය පමණක් සීමිත අවස්ථාවක දඩුවමක් ලෙස පනවා ඇත. බුද්ධාගම අවිහිංසාවාදී, මෛත්‍රීය පතුරවන දහමකි, ඉගැන්වීමකි. එය බාර්බේරියන් වර්ගයට ඇද දැමීම තේරුම් නොගතහොත් රටත්, සමාජයත් තවත් අර්බුදයට ඇද දමයි. චූලෝදර මහෝදර ආරවුල වැළැකූ, ලිච්ඡවී පාලනය කියා දුන් බුදු රජාණන් වහන්සේගේ දහම පලිගැනීම, වෛරය නොව මෛත්‍රීය වෙතටය. නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං. අවේරේනච සම්පත්තී, ඒස ධම්මෝ සනන්තනෝ.... (වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය ලෝක ධර්මතාවයකි.) පාඨයෙන් ජපානයට පවා බෝම්බ හෙළීම සම්බන්ධයෙන් වෛර නොකිරීම ගැන පාඩම් කියා දුන්නේ ශ්‍රී ලංකාව බව අමතක නොකළ යුතුය. ධර්මිෂ්ඨ සමාජය ක්‍රියාත්මක විය යුත්තේ ආගමික කරුණු ගැන වෛරයෙන් සහ පළිගැනීමෙන් ක්‍රියා කිරීමෙන් නොව සාකච්ඡාවෙනි, විවාදයෙනි. තලේබාන් ක්‍රමයට බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත් කළ නොහැකිය. එසේ කිරීම බුද්ධ ශාසනයේ පිරිහීමට හේතු වෙයි. බුද්ධාගමට සහ බුද්ධ ශාසනයට අගෞරව කරන අයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ පොලීසියට නඩු පැවරිය හැකිය. නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය.දුරකථන 0712063394

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...