Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ පළත් 7ක සිවිල් අභියාචනා මහාධිකරණවල සිංහල භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට/ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට පටහැනි වන්නේ ඇයි?
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති 33 ව්‍යවස්ථාවට වඩා 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව 33 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ඒකමතිකව තීරණය කර ඇත. (එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව පැහැදිලිව විධිවිධාන දක්වා ඇති අතර, ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හෝ නීති පැනවීමේ භාෂාවක් නොවේ. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේම පූර්ණ විනිශ්චය සභා තීන්දු අභිබවා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 07ක සිවිල් අභියාචනා මහාධිකරණවල ඉංග්‍රීසියෙන් නඩු විභාග කිරීම, තීරණ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි නොවනවා පමණක් නොව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7කු  SC FR  351/ 2018 ඇතුලු තවත් නඩු වලදී ලබා දුන් ඒකමතික තීරණයටද අනුකූල නොවේ. බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක අධිකරණ භාෂාව සිංහල භාෂාව විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ දක්වා තිබියදී එය මගහැර යාම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් එකී පළාත් 7 පිහිටි අධිකරණ වල නඩු විභාග කිරීම ඉහත ප්‍රධාන නීති තත්ත්වයන් අනුව නිවැරදි නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ බස්නාහිර පළාත ඇතුලු පළාත් 7ක සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලටත්, පාර්ලිමේන්තුවේ චේතනාවටත් පටහැනි බව ඉහත නීති මූලාශ්‍ර අනුව කිව හැකිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.22) (ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පවරන ආකාරය පිළිබඳව 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී 18 වන නීති අධ්‍යාපන වැඩසටහන නීතීඥවරු, නීති ශිෂ්‍යයන් ඇතුලු අයගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...