Skip to main content

Posts

හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි?

හිටලර්ගේ පාර්ලිමේන්තුව නීති පැනවූ ආකාරයට ආයුර්වේද සංශෝධනය සම්මත කිරීම ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ක්‍රියාවකි...ඒ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පූර්ණ විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තු ක්‍රියා කිරීම ජනතා පරමාධිපත්‍යයට පටහැනිය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද 2023.09.05 වන අඟහරුවාදා  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට කථානායකට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ 1961/31 දරන ආයුර්වේද පනත සිංහල දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු නියමය ඉටු කර තිබේද නැද්ද යන්න අදාලව එකී දින සහ ගැසට් අංක පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී දැනුම් දී නොතිබියදීත්, වැදගත් නීති ප්‍රශ්න විසඳී නොතිබියදී ආයුර්වේද සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියාමාර්ග ගතහොත් පාර්ලිමේන්තුව වාරාවාසාන කරන ලෙස පාරම්පරික වෛද්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබියදීත් මෙම ආයුර්වේද සංශෝධන පනත් ...

ආයුර්වේද සංශෝධනය වැරදි ලෙස සම්මත කරන්න එපා. මහජන අත්සන් ලක්ෂයක පෙත්සමක් රජයට.....

ආයුර්වේද සංශෝධනය වැරදි ලෙස සම්මත කරන්න එපා. මහජන අත්සන් ලක්ෂයක පෙත්සමක් රජයට..... රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත වැරදි ලෙස සම්මත කිරීමට යාමට එරෙහිව මහජන අත්සන් ...................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුලු අයට බාර දීම.... 1. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සළකා බැලීමට පූර්ණ විනිසුරු මණ්ඩලයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කථානායකට පෙත්සම් ඉදිරිපත් වී තිබියදී ,(2023.08.22 දිවයින 08 පිටුව) 2. වැරදි ලෙස ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියදී 3. 1961 අංක 31 දරන ආයුර්වේද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව යටතේ සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාල ගැසට් පත්‍ර අංක සහ දින පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී මේ වනතෙක් ලබා දී නොතිබියදී රජය විසින් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත  සම්මත කිරීමට යාම නීතියේ පාලනයට, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එයට එරෙහිව මහජන අත්සන්.................ක් සහිත පෙත්සම දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට...

නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.)

(නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය එක් දින නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) (මුද්‍රිත නිබන්ධන සහ මූලාශ්‍ර සපයයි) ශ්‍රී ලංකාවේ නීති පනවන ආකාරය (පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ක්‍රියාපටිපාටියද ඇතුළත්ය.) අන්තර්ගතය නීතිය - නීති මූලාශ්‍ර / නීති පනවන ආකාරය, නිසි ක්‍රියාදාමය, ස්වභාවික යුක්ති මූලධර්ම, පනත් කෙටුම්පත්, පනත් කෙටුම්පත් ගැන දැනගන්නා ආකාර, පනත් කෙටුම්පතක් හෝ එහි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය පිළිබදව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23,78, 80, 83, 118, 120, 121, 122, 124 සහ 125 ව්‍යවස්ථා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ නියම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නැවත සළකා බැලීමේ නීතිය සහ ස්ථාවර නියෝග, නීති සම්මත කිරීම, පාර්ලිමේන්තුව පනවන නීති වෙනස් කිරීම හෝ ඉවත් කිරීම. කවුරුන් වෙනුවෙන්ද? සා/පෙළ පුරවැසි අධ්‍යාපනය විෂය හදාරන සිසුන්ට උසස් පෙළ සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට රැකියා බලාපොරොත්තු අයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල අයට කරන අය...

පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය - නොමිලේ පවත්වන නීති වැඩමුළු මාලාව - අයදුම් පත්‍රය

(දිවයින පුරා නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළු මාලාව) පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය....විස්තර සහ අයදුම් පත්‍රය ඔබගේ පාසලේ/ පුස්තකාලයේ/ ආයතනයේ/ ස්ථානයේ පැවැත්වීමට අදහස් කරන්නේ නම් 0712063394 දුරකථන අංකයෙන් විමසන්න..... පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබ‍ඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය සම්බන්ධයෙන් නොමිලේ පවත්වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩමුළුව අයදුම් පත්‍රය - 2023

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි....

වැරදි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත ආයුර්වේද කෙටුම්පත සම්මත කළොත් අදාල අයට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තුව මගින් නිසි ක්‍රියාමාර්ග ගත හැකියි. SC/SD/52/2023 නඩුවේ පෙත්සම්කරුවන් කථානායක ඇතුලු අයට දැනුම් දෙයි.... ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව/ උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඇ. සහ  123 ව්‍යවස්ථා අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිවැරදි නොකර එකී සංශෝධනය සම්බන්ධව ඉදිරි පියවර නොගන්නා ලෙස 2023 අගෝස්තු 22 දින දැනුම් දී ඇත. වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අය වෙනුවෙන් නීතීඥ අරුණ උණවටුන මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතීඥ කුෂානි අනූෂා රෝහණදීර සහ නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇත. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ123 ව්‍යවස්ථාවඅනුව හේතු දැක්වීම සිදුකර නොතිබීම ඇතුළු දෝෂ හේතුවෙන් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව අනුව නිවැරදි පිළිගත හැකි තීරණයක් නොවන බවට වර්ෂ 2023.08.13 දිනැතිව කථානායකවරයාට සහ  පා...

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්... ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,  එහි තීරණය 2023 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එකී තීරණය පළකර ඇති අතර එහි අවසන් ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ දැක්වෙයි.  In conclusion, we wish to record that our attention was drawn to several textual discrepancies between the Sinhala, Tamil and English texts of the Bill. This causes a lot of concern to the Court in its deliberations. We note that it also affects the legislators who are deprived of a correct understanding of the Bill unless such discrepancies are corrected The State undertook to correct all these discrepancies at the appropriate stage of the legislative process. එය සිංහල භාෂාවට පරිවර්තනයකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සැළකීමේදී නීතිමය කරුණු විසදීම, තීරණ...

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් කිහිපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර,  එහි තීරණය 2023 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ එකී තීරණය පළකර ඇති අතර එහි අවසන් ඡේදය ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ දැක්වෙයි.  In conclusion, we wish to record that our attention was drawn to several textual discrepancies between the Sinhala, Tamil and English texts of the Bill. This causes a lot of concern to the Court in its deliberations. We note that it also affects the legislators who are deprived of a correct understanding of the Bill unless such discrepancies are corrected The State undertook to correct all these discrepancies at the appropriate stage of the legislative process. එය සිංහල භාෂාවට පරිවර්තනයකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සැළකීමේදී...