Skip to main content

Posts

සැමට මෙත් පතමු...! පහන් 100ක ආලෝක පූජාව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරියේ දී 2024 ජූලි 31 සවස 7.00ට

සැමට මෙත් පතමු...! පහන් 100ක ආලෝක පූජාව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරියේ දී 2024 ජූලි 31 සවස 7.00ට අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC (Col),නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

19 නීතියක් නොවන බවට නීතීඥවරයෙකු පවරා ඇති නඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණයේදී වැදගත් වන්නේ ඇයි?

19 නීතියක් නොවන බවට නීතීඥවරයෙකු පවරා ඇති නඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණයේදී වැදගත් වන්නේ ඇයි? 19ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින් අනුමත කර ජනාධිපතිවරයා විසින් සහතිකය යොදා අත්සන් කර නීතියක් කර නැත. 19 වන ස‍ංශෝධන පනත් කෙටුම්පත තවමත් පවතින්නේ පාර්ලිමේන්තුවේ 2/3 කින් ඡන්දය ලැබී පනත් කෙටුම්පතක මට්ටමේය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 සහ 126 ව්‍යවස්ථා යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් SC/FR/191/2024 නඩුව පවරා ඇති අතර 2024 ජූලි 15 දින පූර්ව අවසරය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවීමට නියමිතය. මෙම නඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය සම්බන්ධයෙන් ආකාර 2කින් වැදගත් වෙයි. 1. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතක් හෝ විධිවිධානයක් සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ තීරණය ලබා දී ඇති විට එහිදී, ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට නියම කර ඇති විධිවිධාන සම්බන්ධයෙන් කතානායකවරයාගේ සහතිකයකින් පමණක් එය නතර වී ඇති විට, පාර්ලිමේන්තුවේ හිරවෙලා / හිරකරගෙන ඉන්නා විට එය ජනමතවිචාරණයක්...

ජනාධිපති ධූරකාලය වසර 6ක් කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අතහැර ඇත්නම් ලෙනෝ නඩුව පරදියිද?

ජනාධිපති ධූරකාලය වසර 6ක් කිරීමට යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අතහැර ඇත්නම් ලෙනෝ නඩුව පරදියිද? ජනාධිපතිවරණය 2024 දී පැවැත්වීම නතර කර ගැනීමට, පානදුරේ ලිපිනයැති චමින්ද ලේනව නම් අයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවරා ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව අදාල කරගෙන පවරා නොමැත්තේනම් සාර්ථක කරගත හැකිද යන්න පෙන්වා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2002 දී ය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, 2002 සැප්තැම්බර් මස 11 වන දින එය ගැසට් පත‍්‍රයේ එය පළ කර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ඇතුළත් කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉන් ප‍්‍රයත්න දරා තිබුණි.  එම 2002 දී ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හඳුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන...

විදෙස් නඩු තීන්දුවලට ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි......

විදෙස් නඩු තීන්දුවලට ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි...... 2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවූ අතර, එම පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යස්ථාව යටතේ 2024 ජූලි 01 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර කතානායක වෙත පිටපතක් ලබා දී ඇත. විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්මය, ස්වාධීනත්වය, ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස, විශ්වාසයක් දැරීමේ නිදහස, ආගමික නිදහස, අවමන් සහහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොවීමේ නිදහස, නීතිය පසිදලීම සහ නීතියේ රැකවරණය, වෙනස්කමකට ලක් නොවීම, නිර්දෝෂී ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කර ඇති අධිකරණයට අපහාස නීතිය යටතේ පාර්ලිමේන්තුවේදී කරන කතාවලට එරෙහිව නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කර ඇති අධිකරණයට අපහාස නීතිය යටතේ පාර්ලිමේන්තුවේදී කරන කතාවලට එරෙහිව නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ? Posted on June 24th, 2024 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන https://www.lankaweb.com/news/items/2024/06/24/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8f%e0%b6%af-%e0%b6%85/

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නීතිය යටතේ නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී

26වන නීති අධ්‍යාපන වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නීතිය යටතේ නඩු පවරන ආකාරය සහ අධිකරණ පුවත් වාර්තාකරණය (නීති සටහන් ලබා දෙයි / නොමිලේ පැවැත් වේ) (2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති, අධිකරණ සංවිධාන පනත ඇසුරෙන්) 2024 ජූලි 30 අඟහරුවාදා සවස 1-5 කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (වායුසමීකරණය කළ) නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394 (ආසන සීමිත හෙයින් ආසන කලින් වෙන්කර ගන්න)

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ?අන්තර්ජාල නීති අධ්‍යාපන සාකච්ඡාව 2024 ජුනි 30 ඉරිදා

පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිරීමට නීති පැනවූ ක්‍රියාදාමය කාගේද ? (2024 අංක 8 අධිකරණයකට අපහාස පනතේ 15 සහ 1953 අංක 21 පාර්ලිමේන්තු බලතල පනතේ 3 වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත ඇසුරෙන්) අන්තර්ජාල නීති අධ්‍යාපන සාකච්ඡාව 2024 ජුනි 30 ඉරිදා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)