2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...!
2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...!
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු යවන්න ජාතික ලැයිස්තුව අත්කර ගැනීමට විශ්ව වර්ණපාල යොදවාගෙන අවස්ථාවාදීන් කිහිප දෙනෙක් කොළඹ දිසා අධිකරණයේ නඩු දමා වාරණ නියෝග ලබා ගත්තේය.
ඒ අවස්ථාවේ සංධානයේ ලේකම්ව සිටි සුසිල් ප්‍රේම් නිහඬව එයට සහාය දී ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.
මේ නීතිවිරෝධී ක්‍රියාව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන දිසා අධිකරණයට පුද්ගලිකව ඉදිරිපත්වී අභියෝග කළේය.
අවසානයේ සුසිල් ප්‍රේම් විසින්ම ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු එකී නඩුව අවසන් කර ගත් අතර මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කර ගැනීමේ සැළසුම සාර්ථක කරගත්තේය.
ඉන් නොනැවතී ඊනියා ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා ඇමති ධූර සංඛ්‍යාව වැඩිකර ගනිමින් ක්‍රියා කළේය.විපක්ෂ නායකත්වයට සම්බන්ධන් පත් වුණේද ඒ අනුවය.
සුසිල් ප්‍රේම් පසුගියදා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමට ගෝඨාභය ජනාධිපති පියවර ගත්තේය.
2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, 2015 දී ඊනියා ජාතික ආණ්ඩුව සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කතිකාව ජනතාව ආරම්භ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයටද අනුගතය. එමෙන්ම නීතියේ පාලනය ශක්තිමත් කිරීමටද බලපානු ඇත.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394, 0786016161.
(2022.01.06)
Comments
Post a Comment