Skip to main content

නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද  ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල විරෝධය සනාථ කරයි.

නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල විරෝධය සනාථ කරයි.
සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී ගැසට් පත්‍රය මගින්ද 1972 සිට ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකරමින් පවත්වාගෙන එනු ලැබූ සි‍ංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් වැළකී ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයද නැවතත් සිංහල අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීම සිදුකර ඇත. එසේම එකී ගැසට් පත්‍රය  මගින් 2023.03.21 පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ස‍ඳහන් සිංහල අධිකරණ භාෂාවට එරෙහි විධිවිධාන නැවත ඇතුළත් කිරීමද කරමින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ පරිහාරද නොසළකා ඇත. සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදීම දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය යටතේවන ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමකි. සිංහල අධිකරණ  භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකිවන පරිදි නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ අධිකරණයට කරන අයුතු බලපෑම් කිරීමක්ද වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය නිවැරදි කිරීමට අධිකරණයේ නඩු පැවරීම ඵලදායක නොවන්නේ විධායක බලය සහ අධිකරණ බලය යන බල 2ක් හිමි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාටත් වඩා නෛතික බලවතෙක් වීමත් එහි ආරක්ෂාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සෙසු සාමාජිකයන්ද ලබන හෙයිනි. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2023.06.03)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...