"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව
2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි
කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න.
අදාල කරගත් මාතෘකා
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම්
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම
3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද?
4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන
5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද?
විවේකයට පෙර
https://www.youtube.com/live/hkOJGl13FOE?si=VTWcK0Jusias9GcV
විවේකයෙන් පසු
https://www.youtube.com/live/ss_-DL68_Lo?si=Xb7s8_olllzmddAO
ඉදිරි නීති අධ්‍යාපන වැඩසටහන 2026 මාර්තු 15 (ඉරිදා) පෙ.ව. 9ට එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව * ලෙස
කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර, එයට සහභාගීවන අයට සහතිකයක්/ නීති සටහන් / දිවා ආහාරය ලබා දෙයි.
(මාධ්‍ය - සිංහල / ආසන සීමිතයි)
* නීතීඥයන්ට / නීති ශිෂ්‍යයන්ට / අධිකරණ රෙජිස්ට්‍රාර්
කාර්යාල වල සේවය කරන අයට / විශ්ව විද්‍යාල
ශිෂ්‍යයන්ට / නීති ක්‍රියාකාරකයන්ට / පොලිසියේ සහ
සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
2026 මාර්තු 15 (ඉරිදා) දින පෙ.ව. 9ට කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුවේ
අන්තර්ගතය
1. පනත් කෙටුම්පතකට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදය සහ එහි ඉංග්‍රීසි ඡේදයේ (83.b) ඡේදයේ භාෂා පාඨ අතර ඇති වෙනස්කම් නිවැරදි කිරීමට 2025 දී මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දීම තුළ ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර 6 කින් වන ආකාරය
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන
උපලේඛනයේ 1වන ලැයිස්තුවේ ( පළාත්
සභා ලැයිස්තුවේ) විෂයන් ඉවත් වන ලෙස / පරිච්චින්න වන ලෙස 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එද්දී පළාත් සභා ප්‍රේමින් නෛතික විරෝධය නොදැක්වීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම
4. සේපාල ඒකනායක "අලිතාලියා" ගුවන් යානා පැහැර ගැනීම, අතීතයට බලපාන නීති පැනවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 අනුව්‍යවස්ථාවේ පිහිටුවන බුද්ධ සාසන උත්තරීතර අධිකරණය සහ විහාරස්ථාන නඩු කටයුතු සම්බන්ධ මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය අහිමි වීම.
5. ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වරට සිරදඬුවීම නියම කරන තැනැත්තන්ට සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පනතේ (ICCPR) හිමි විය යුතු අභියාවනා අවස්ථාව ලබා ගන්නේ කෙසේද?
(නීතීඥවරුන් විසින් දේශන පවත්වයි)
වැඩි විස්තර සඳහා විමසීම්
සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකථන 0712063394
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Dishan Bright de silva
ReplyDelete753536970
ReplyDelete