Skip to main content

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?

ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයිද?
වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වී ඇති අතර එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රයෝජන සළසා ගත්තේ සාමාන්‍ය ජනතාව නොව ඉංග්‍රීසි පඬි නැට්ටන්‍ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන විධාන අනුව ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවද අනුමත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මිස කළ නොහැකිය. එහි වඩා වැදගත් වන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට අදාලව යන්නය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක්ව පැවති අතර වර්ෂ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එකී ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6 සිට වසර 5කට අඩු කරනු ලැබීය. ඒ ජනමතවිචාරණයක් මගින් නොව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණි. ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6කට වඩා වැඩි කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යව‍ස්ථාවේ 83 ව්‍යවස්ථාව දක්වා තිබුණද වසර 6 සිට වසර 5ක් කිරීමට හෝ දැන් පවතින වසර 5 නැවත වසර 6ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධාන මගින් නියම කර නැත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 5ක් වුවද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් එකී ධූර කාල මුල් තත්ත්වයට එනම් වසර 6 දක්වා ගෙන ඒමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3 ක් මගින් පමණක් සිදු කළ හැකිය. එවිට වත්මන් ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වාත්, වත්මන් පාර්ලිමේන්තුවට 2026 දක්වාත් පැවතිය හැකිය. වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙයට ඇති කැමැත්ත කෙසේ වෙතත් ඉංග්‍රීසි පඬි නැට්ටන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2/3 කින් සම්මත කළ හැකි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ වැඩි ඉඩක් මේ වන විට පවතී. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2024.01.06)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...