Skip to main content

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!

චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!
අධිකරණයේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කිහිපයක පළ විය. ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියේ මනෝප්‍රිය ගුණසේකර විසින් අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ් යන මාතෘකාව යටතේ පුවතක් පළ කරමින් එකී නීතීඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කු විසින් නීතිපතිවරයාට නියම කර ඇති බවත් දැක්වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත 2024 පෙබරවාරි මස 01 වන සිට බලාත්මක කර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමට අදාළ නීතිය ඒකාකාර ලෙස අදාළ වීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබා දීමේ කාර්ය පටිපාටිය පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස නීති පනවා ඇත. එකී පනත මගින් අධිකරණය ඉදිරියේ නීති තර්ක, නීති කරුණු, ලේඛනමය හෝ වාචිකමය සාක්ෂිමය කරුණු ඉදිරිපත් කරන නීතිඥයන් හෝ පාර්ශවයන් මුල් අවස්ථාවේ සිටම නිදහස්ව, ස්වාධිනව, ජීවිත ආරක්ෂාවට තර්ජනයක් නොමැතිව සහ අපහාසයන්ගෙන් තොරව සිය කටයුතු සිදුකිරීමට අවස්ථාව දී තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් කර ඇත. තමන් ඉදිරියේ සෑම පාර්ශවයක්ම ඉදිරිපත් කරන කරුණු සළකා බලා නීතියට අනුව විනිශ්චය කිරීම විනිසුරුවරයාගේ කාර්යය වන අතර නීතිඥවරයෙකු අධිකරණයේදී නීතිමය කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි කිරීම හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයෙකු කටයුතු කරන්නේ නම් නීතිඥවරයෙකු විනිසුරුවරයාගේ පෞද්ගලික ආකල්පද, පෞද්ගලික අභිලාශයන්ද තේරුම් ගැනීමට සිදුවිය යුතු තත්ත්වයක් උද්ගත වේ. එය අධිකරණයේ ස්වාධිනත්වයට පමණක් නොව සාධාරණ නඩු විභාගයකටද අයෝග්‍ය තත්ත්වයක් වන අතර අපක්ෂපාතී විනිශ්චයක් එමගින් අහිමිකර විනිසුරුතැනගේ පෞද්ගලික ආකල්ප, අරමුණු මත කටයුතු කරන නීති ගුරුකුල බිහිවීමට පටන් ගනී. ඉහත පුවත දෙස අවධානය යොමු කිරීමේදී 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත විධිමත් ලෙස නැවත සමාලෝචනය විය යුතු බවත් විනිසුරු ගරුත්වය, ආරක්ෂාව, රැකවරණය සහ අභිමානය මෙන්ම නීතිඥවරයෙකුගේ ගරුත්වය, ආරක්ෂාව, රැකවරණය සහ අභිමානයද තුළනය විය යුතුය. වරදක් කරන්නේ යැයි කියන අයටම චූදිතව හෝ සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අධිකරණ බලයද ලබා දීම ශිෂ්ට ලෝකය අනුමත නොකළ යුතුය. එය අනුමත කළහොත් තමන්ගේ නඩුව තමන්ම විසදා ගැනීම නුසුදුසු බව කියන ස්වාභාවික යුක්ති මූලධර්මයද බිදවැටේ. මහාධිකරණ නඩුවකදී චූදිතව ජීවිතාන්තය දක්වා සිරගතකළ හැකි පරිදි සාක්ෂි සටහන් සිය තනි අභිමතය අනුව වෙනස් කර චූදිතව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ දඩුවම් නියම කළ විනිසුරුවරයෙකු තවමත් සේවයේ යෙදෙයි. අධිකරණය යනු නීතියේ රැකවරණය සළසන රන් දේවාලයකි. විධායකයේ අනීතික හස්තයෙන් බැටකන ජනතාව පිහිට පතා එන්නේ අධිකරණයටය. තමන්ගේ නඩුවට තමන්ම නියෝග දීමත්, තමන්ගේ ප්‍රකාශ සහ වාර්තා ප්‍රශ්න කිරීමට අවස්ථාව නොදීමත්, අවසානයේ ගත යුතු විනිශ්චය මුල් අවස්ථාවේ ගැනීමත් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ඇතුලු අධිකරණයට අපහාස කිරීමට දඩුවම් කිරීමට අදාල නීතියේ පවතින නීතිය මත පාලනයට ඇති අහිතකර ලක්ෂණය. එ්වා නිවැරදි කිරීමට ව්‍යවස්ථා සම්පාදකයන් කටයුතු කළ යුතුය. අධිකරණයේදී නීතිය කතා කිරීම හෝ නීතියෙන් ලබා දී ඇති අයිතිවාසිකම් භාවිතා කිරීම මුල් අවස්ථාවේම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දක්වා දිව යන්නේ නම් ඒ නීතිය ස්ව්‍යංප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතියකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.03.20)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය