2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද?
2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියම කර ඇති ජනාධිපතිවරණය සඳහා අද (2024.08.15) දින අපේක්ෂකයන් 39 දෙනෙකු නාම යෝජනා ලබා දුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එසේ නාමයෝජනා ලබා දුන් ජනාධිපති අපේක්ෂකයෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා, අනුර දිසානායක මහතා, විජයදාස රාජපක්ෂ මහතා, රොෂාන් රණසිංහ මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා යන මන්ත්‍රීවරු ඒ අතර වෙති.
දැනට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇතැයි සිතීමට වැඩි ඉඩක් නැත්තේ දැනටමත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔහුට කැමැත්ත/ සහාය දක්වන හෙයිනි.
එසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු වෙතද සහාය දීමට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
පැමිණිය හැකි වුවද එකී මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහ අවංකත්වය පිළිබඳ සැකයක් ජයගන්නා ජනාධිපතිවරයාට තිබිය හැකිය.
එවන් තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළහොත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩක් ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394 (2024.08.15)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

රනිල් ව්ක්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද, නොකළද, ඔහු හෝ පත්වන ජනාධිපති වරයා..ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුය . මෙහිදී අනුර කුමාර මන්ත්‍රී වරයා හෝ සජිත් ප්‍රේමදාස ව්පක්ෂ නනායකවරයා ජයග්‍රහණය කළහොත් ,ඔබ මතුකරන ආකාරයේ ගැටලුව කින් තොරවම පාර්ලිමේන්තුව ව්සුරුවනු ඇත..!
ReplyDelete