2024 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ කවුරු ජනාධිපති වුවහොත් ද?
2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියම කර ඇති ජනාධිපතිවරණය සඳහා අද (2024.08.15) දින අපේක්ෂකයන් 39 දෙනෙකු නාම යෝජනා ලබා දුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එසේ නාමයෝජනා ලබා දුන් ජනාධිපති අපේක්ෂකයෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා, අනුර දිසානායක මහතා, විජයදාස රාජපක්ෂ මහතා, රොෂාන් රණසිංහ මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා යන මන්ත්‍රීවරු ඒ අතර වෙති.
දැනට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන අතර ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇතැයි සිතීමට වැඩි ඉඩක් නැත්තේ දැනටමත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔහුට කැමැත්ත/ සහාය දක්වන හෙයිනි.
එසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු වෙතද සහාය දීමට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
පැමිණිය හැකි වුවද එකී මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහ අවංකත්වය පිළිබඳ සැකයක් ජයගන්නා ජනාධිපතිවරයාට තිබිය හැකිය.
එවන් තත්ත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළහොත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩක් ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394 (2024.08.15)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

රනිල් ව්ක්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද, නොකළද, ඔහු හෝ පත්වන ජනාධිපති වරයා..ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුය . මෙහිදී අනුර කුමාර මන්ත්‍රී වරයා හෝ සජිත් ප්‍රේමදාස ව්පක්ෂ නනායකවරයා ජයග්‍රහණය කළහොත් ,ඔබ මතුකරන ආකාරයේ ගැටලුව කින් තොරවම පාර්ලිමේන්තුව ව්සුරුවනු ඇත..!
ReplyDelete