නීතියට පිටින් පත් වූ බව කියූ මොහාන් පීරිස් අගවිනිසුරුගෙන් වාසි නොලැබූ නිසා ඔහුව දෝෂාභියෝගයක් නැතිවම ඉවත් කළාද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායක වැරදියට සහතිකය යෙදූ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වාසි ගන්නා අය වැඩි නිසා 19ය අනුගමනය කරනවාද?
නීතියට පිටින් පත් වූ බව කියූ මොහාන් පීරිස් අගවිනිසුරුගෙන් වාසි නොලැබූ නිසා ඔහුව දෝෂාභියෝගයක් නැතිවම ඉවත් කළාද ? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායක වැරදියට සහතිකය යෙදූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වාසි ගන්නා අය වැඩි නිසා 19 ය අනුගමනය කරනවාද ? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන 19 යෙන් පාර්ලිමේන්තුව විසුරුවීමට විරෝධය පළකරමින් නීතිඥවරයෙක් ජනාධිපතිට ලියයි. පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යොදා ගැනීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විරෝධතාවය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනා ගැනීම වෙනුවෙන්වන වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලිපියක් බාර දී ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයාට සීමාකරමින් ගෙන එන ලද විධිවිධානය නීතියක් බවට පත් වීම සඳහා ජනමතවිචාරණයක් මගින් ජ...