නීතියට පිටින් පත් වූ බව කියූ මොහාන් පීරිස් අගවිනිසුරුගෙන් වාසි නොලැබූ නිසා ඔහුව දෝෂාභියෝගයක් නැතිවම ඉවත් කළාද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායක වැරදියට සහතිකය යෙදූ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වාසි ගන්නා අය වැඩි නිසා 19ය අනුගමනය කරනවාද?
නීතියට
පිටින් පත් වූ බව කියූ මොහාන් පීරිස් අගවිනිසුරුගෙන් වාසි නොලැබූ නිසා ඔහුව
දෝෂාභියෝගයක් නැතිවම ඉවත් කළාද?
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින්
කථානායක වැරදියට සහතිකය යෙදූ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වාසි ගන්නා අය
වැඩි නිසා 19ය අනුගමනය කරනවාද?
ශ්‍රේෂ්ඨාධිකරණ
තීරණ උල්ලංඝනය කරන 19යෙන් පාර්ලිමේන්තුව විසුරුවීමට විරෝධය
පළකරමින් නීතිඥවරයෙක් ජනාධිපතිට ලියයි.
පාර්ලිමේන්තුව
විසුරුවීම සඳහා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන යොදා ගැනීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත
විරෝධතාවය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර
ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනා ගැනීම
වෙනුවෙන්වන වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලිපියක් බාර
දී ඇත.
වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්
කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයාට සීමාකරමින් ගෙන එන ලද
විධිවිධානය නීතියක් බවට පත් වීම සඳහා ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින් අනුමැතිය
ලබදීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා 07
දෙනෙකු විසින් ඒකමතිකව දක්වා තිබුණි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයාට
සීමාකරන විධිවිධාන ඇතුළත් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන
පනත් කෙටුම්පතක් නැවත වර්ෂ 2015 දී ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධීකරණ තීරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුව
ජනමතවිචාරණයක් පවත්වා ජනාධිපතිවරයාගේ සහතිකය මගින් නීතියක් බවට පත් වීමේ ක්‍රියාවලිය
සිදුවිය යුතු වුවත් මේ දක්වා එම පියවර ක්‍රියාත්මක වී නැත.
19වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත් කීරීමේ ක්‍රියාවලියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට
පටහැනිව කථානායකවරයා ක්‍රියාකර ඇති බවත්, කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
80.1 ව්‍යවස්ථාව අනුව වැරදියට
ලබා ගෙන ඇති බවත් නීතිඥවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
එසේ වුවත් කථානායකවරයාගේ
වැරදි ක්‍රීයා පටිපාටිය නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නො මැති බවත් ඒ
හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාව අහිමි වී ඇති බවත් ජනාධිපතිවරයාට
පෙන්වා දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනයක් හෝ එහි විධිවිධානයක් සම්බන්ධව ජනමතවිචාරණයක අවශ්‍යතාවය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය
ලබා දෙන තීරණයක් උල්ලංඝනය කිරීමේදී හෝ කථානායකවරයා පනත් කෙටුම්පතට වැරදියට සහතිකය
යෙදූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කළ නොහැකි බවත්
නීතිඥවරයා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් කථානායකවරයා
විසින් සිදුකරණ වැරදි ක්‍රියාවලිය නිවැරදි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණයක
නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාව නැති බවත්, නීතියේ වලංගුතාවය පරීක්ෂා කිරීම, මතයක්
ප්‍රකාශ කිරීම හෝ ප්‍රශ්න කළ නෙහැකි බවත් එය
නිවැරදි කළ හැක්කේ ජනතා පරමාධිපත්‍යය විධිවිධානය මගින් බවත් ජනාධිපතිවරයාගේ
අවධානයට යොමු කර ඇත.
19වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය
තීරණය කර ඇති විධිවිධාන සඳහා ජනමතවිචාරණයක් මේ දක්වා පවත්වා නැති හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ දක්වා නීතියක් වී
නැත.
ජනාධිපතිවරයා විසින්
ජනාධිපති ලේකම් මගින් නිකුත් කර ඇති 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා
කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධනය 33(2)ඇ අනුව්‍යවස්ථාව
සහ 70 ව්‍යවස්ථාව) යොදා ගැනීම නිවැරදි නොවන බවත්, ඒ සම්බන්ධව
විරෝධය දක්වන බවත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
කථානායකවරයා විසින්
වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ජනාධිපතිවරයා
විසින් යොදා ගැනීම සම්බන්ධව විරෝධය දක්වා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින්
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.
Comments
Post a Comment