Skip to main content

Posts

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)

අධිකරණයෙන් / නඩු විභාගවලින් සිංහල භාෂාව ඉවත් කිරීමේ මාර්ග සිතියමේ ස්ථාන 10...! (නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394 - 2021.02.21) [දේශීයව සහ විදේශීයව නීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ නීති විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින් සමන්විත සංස්ථාගත නීති අධ්‍යාපන සභාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. අධිකරණ භාෂාව සිංහල බවට පත් කිරීම නිසා සිය අභිමතය අවශ්‍ය ආකාරයට යොදා ගැනීමට නොහැකි වූ ක...

සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීමේ හකීම්-සබ්‍රි අධිකරණ ඇමති මාර්ග සිතියමේ ඔබ දැනගත යුතුම කරුණු 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි)

සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීමේ හකීම්-සබ්‍රි අධිකරණ ඇමති මාර්ග සිතියමේ ඔබ දැනගත යුතුම කරුණු 10...! ( නීතියට ගරු කරන ජනතාවගේ දැන ගැනීම පිණිසයි) (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන දුරකථන 0712063394 - 2021.02.21) [ආරම්භය / ඉතිහාසය - දේශීයව සහ විදේශීයවනීති අධ්‍යාපනය සහ නීති උපාධිය ලබා දෙන ආයතන කිහිපයක් රටේ තිබුණද නීතිඥවරු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සුදුසුකම ලබා දෙන අධ්‍යාපනය සහ විභාග පවත්වන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනත මගින් පිහිටුවා ඇති අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීති විද්‍යාලයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24වන ව්‍යවස්ථා මගින් නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාව ඇතුලත් කිරීමත් සමගම එකී විධානයට ගරු කරමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සහ විභාග පැවැත්වීම වර්ෂ 2010 දක්වා සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සහ නීතිඥවරු වීමට පවත්වන විභාග සම්බන්ධයෙන් තීන්දු සහ තීරණ ගනු ලබන්නේ 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනතෙ 2 වන වගන්තිය මගින් පිහිටුවා ඇති අගවිනිසුරු, නීතිපති, අධිකරණ ඇමතිගේ නියෝජිතයන් 6ක් ඇතුලු සාමාජිකයන් 14කින...

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....!

බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය අහිමි කරමින් "කිරි කළයට ගොම මුසු කරන" වරාය පනතේ 52, 53 සහ 73 වගන්ති සහ ඇමෙරිකන් කොරිඩෝව වෙනුවට පෙරදිග නිරාගමිකපුරයක් තැනීම හෙවත් "ඉඟුරු දී මිරිස් ගැනීමෙන්" "කබළෙන් ලිපට වැටෙන" සිංහලයන්/ ස්වදේශිකයන්....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) ශ්‍රී ලංකාව පෙරදිග රටකි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වූයේ වැව සහ දාගැබ මුල් කරගත් වාරි සංස්කෘතියකින් ස්වදේශීය ජනතාව දිනවීමට එදා රජවරුත්, පාලකයන්ද උත්සාහ ගත් හෙයිනි. ඩී. එස්. සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන වැනි මෑත අතීතයේ පාලකයෝ කෘෂිකර්මය සහ දේශීය නිෂ්පාදන මුල් කරගත් ආර්ථික සංවර්ධනයක් පිළිබද අවධානය යොමු කළේය. ඒ සදහා ඔවුන් ගොවි ජනපද මෙන්ම මහවැලි ව්‍යාපාරය වැනි කෘෂිකර්මික නගර බිහි කිරීමට උත්සාහ කළේය. එසේ වුවත් මැකෝලි සාමිගේ මගපෙන්වීම යටතේ මෙරට පුරවැසියන්ගේ අධ්‍යාපනය දේශීය නිෂ්පාදන සදහා නොව විදේශීය සේවා සපයන ආයතනවල සේවකයන් වීමට දිශානති කරවූයේය. දේශීය දැනුම පිටමන් කළේය. දේශීය දැනුම විදේශීය දැනුමෙන් ...

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....!

වරාය නගරය නිරාගමිකයන්ගේ කළාපයක්, සදාචාරයක් නෑ..ආගමක් නෑ..., එහි 9වන ව්‍යවස්ථාවට තැනක් නෑ....! ( අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ, සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) "ආගම" අද වන විට යල් පැන ගිය තත්ත්වයක් බව කියන ප්‍රවණතාවයක් මතු වී ඇත. සියල්ල වෙනස් වන බව සත්‍යයකි. ඒ අනුව "ආගම" සහ "ජාතිය" ද වෙනස් විය යුතු බවට කෙනෙකුට තර්ක කළ හැකිය. අත්තක වාඩිගෙන අත්ත කැපීමත් ඒ සමගම අප සිහි කළ යුතුය. ආගමක් නැති, ජාතියක් නැති සමාජයක හෙට දවස කුමක් වෙයිද? එය වනචාරී සමාජයක් විය නොහැකිය. ඒත් වහල් සමාජයක් විය හැකිය? අතීතයේ මිනිසාව ශිෂ්ට කිරීමට ආගම උදව් වූ බවත්, මිනිසාගේ හර පද්ධතිය දියුණු වී සංස්කෘතික සමාජයක් බිහි වූයේ ආගම සහ ජාතිය නිසා බවත් අදහසක් ඇත. යම් රටක බහුතරය අභිබවා සුලුතරයට නැගී සිටිය හැක්කේ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් සහ නීති පැනවීමෙන් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වුවත් බහුතරයේ චින්තනය නීතියකින් වෙනස් කළ හැකිය. ඉහත කරුණු කියන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව මේ වන විට විදිමින් සිටින "ආගම" සහ "ජ...

සාධාරණ නඩු විභාගයක අයිතිය අහිමිකරමින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළ මහාධිකරණ නඩු තීන්දුවක් ඉවත් කළ අභියාචනාධිකරණයේ අලුත්ම නඩු තීන්වුව - (සිංහල පරිවර්තනය)

C.A. HCC/133/2019 Abdul Hameed Mohamed Lafeer Vs The Attorney General නඩු තීන්දුවේ සිංහල පරිවර්තනය බලාපොරොත්තු වන්න... (යාවත් කාලීන වෙමින් පවතී...) මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි සටහන් වෙනස් කර ඇති ආකාරය නීතියට අනුකූල නෑ. නැවත නඩු විභාගයක් නියම කිරීම සාධාරණ නෑ. ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියම වූ චූදුතයෙක් වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර චූදිත නිදහස් කරමින් අභියාචනාධිකරණය විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් අද (2021.03.08) තීන්දු කළේය. අභියාචක වෙනුවෙන් නීතිඥ අරුණ ලක්සිරි පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් ඒ. නවාවි පෙනී සිටියේය.

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...!

19-20 සංශෝධන, ඇමතිවරුන්ගේ පුද්ගලික විශ්වාස, සාමූහික වගකීම, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව...! නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.15) arunaunawatuna@gmail.com අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමෙ නව ප්‍රවණතාවය අධිකරණ ඇමති රටටම උගන්වමින් සිටින අවස්ථාවක 19-20 සංශෝධන, අධිකරණ ඇමති, සිංගර් සහ 09 වන ව්‍යවස්ථාව පිළිබද මේ කෙටි සටහන තබමි. ඇමතිවරු තමන්ගේ පුද්ගලික විශ්වාස ක්‍රියාත්මක කිරීමට ඇමති ධූර භාවිත කරමින් සිටින අතර වෙනත් දේ මෙන්ම ඇමතිවරුන්ගේ සාමූහිකව වගකීමද නීතියට සීමා වී ඇත. 19 යේදී 2/3 න් කළ සංශෝධන නැවත ප්‍රතිසංශෝධනය කරන්න 20 න් බැරි වීම ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. 2015 දී 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33,35,70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 න් සංශෝධනය කරගත් බවත් එකී සංශෝධන 2020 දී පාර්ලිමේන්තුවට ප්‍රතිසංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිහඩය. ගෝඨාභය ජනාධිපති 2/3 න් කරගන්න බලාපොරොත්තු වූ 20 ඒ අකාරයෙන් 2/3 න් කරගන්න බැරි වුණේ ඇයි කියා විමසන්න කෙනෙක් හොයා ගන්නනට නැත. (76.1 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමිකර දි ඇති ව්‍යවස්ථාදායක බලය 2020...

2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...!

2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ආදායම අහිමි වී ඇති ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්...! කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නිකුත් කර තිබියදී බ්‍රැන්ඩික්ස් සහ බොඩිලයින් කර්මාන්ත ආශ්‍රිතව නැවතත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වී ඒ ආශ්‍රිතව පොලිස් වසම් කිහිපයක් 2020.11.09 දින සිට හුදකලා කර ඇති බවත් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම කම්කරු දෙපාර්තමේන්තුව සිය කම්කරු නීති සහ වෙනත් නීති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමද කෝවිඩ් - 19 තත්ත්වය පාලනය කිරීමට මාර්ගෝපදේශන නොතකා සිටීමද හේතුවෙන් සිදුවී ඇති බවත්, ඒ හේතුවෙන් එකී ආයතන සිය සමාජ යුතුකම ඉටු නොකර ක්‍රියා කිරීමෙන් සහ නොසැළකිල්ලෙන් / අනවධානයෙන් ක්‍රියා කිරීමෙන් කෝවිඩ් - 19 තත්ත්වය වර්ධනය වීම සිදු වී ජනජීවිතය අඩාල කර මනුශ්‍ය ජීවිත අන්තරායකර තත්ත්වයට පත්කර ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කර ගැනීමට බාධා කර / මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස ක්‍රියාකර වැරදි සිදුකර ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර 2020.11.09 දින සිට හුදකලා කර ඇති පොලිස් වසම් වල සිටින ජනතාවට ...