Skip to main content

Posts

28වන නීති අධ්‍යාපන වැඩසටහන 2025 මාර්තු 15...කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී...

නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද? ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද? ඇතුලු තවත් නීති මාතෘකා යටතේ 2025 මාර්තු 15 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී -(1වන මහළ) දී පැවැත්වීමට නියමිතව තිබූ 28වන නීති අධ්‍යාපන වැඩසටහන නොපැවැත් වේ. එම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන ( දුරකථන 0712063394) 2025.03.13 28වන නීති අධ්‍යාපන වැඩසටහන නීතිපතිවරයා ඉවත් කරන්නට යාම ජනතාවගේ පරමාධිපත්‍යයද? 19යේ වැරැද්දක් නිවැරදි කිරීමට ගැසට් කළ 22 ගැන නීතීඥ සංගමය නිහඬ ඇයි? නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් කළ 22 නිසා අලුත් ජනාධිපතිවරයාගේ සහ අලුත් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ද? "නීතිය" අනිවාර්ය විෂයක් ලෙස පාසලේ ඉගැන්විය යුත්තේ ඇයි? 2025 මාර්තු 15 සෙනසුරාදා පෙ. ව. 10ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී (නීති සටහන් ලබා දේ) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන (ආසන වෙන්කර ගැනීමට විමසන්න දුරකථන 0712063394)

Is the Bar Association silent on the mistakes made in the 19th Amendment to the Constitution? *

Is the Bar Association silent on the mistakes made in the 19th Amendment to the Constitution? * 1. The Bill of the 19th Amendment to the Constitution was introduced to the Parliament on 19 September 2002, which sought to amend Article 70 of the Constitution. However, the amendment was not implemented in 2002 because 7 Supreme Court judges delivered their Supreme Court determination SC/SD/11/2002, which ruled that the amendment should be made law through a referendum. 2. A Bill of the19th Amendment to the Constitution was presented to the Parliament again on 24 March 2015, seeking to amend Article 70 and several other Articles of the Constitution and the said amendment became law without holding a referendum in accordance with the Supreme Court determination SC/SD/04/2015 given by 3 Supreme Court judges. 3. Individuals filed cases SC/FR/177/2024 and SC/FR/191/2024 in the Supreme Court to correct the errors made in the 19th Amendment to the Constitution brought in 2015, and those c...

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති වැරදි ගැන නීතීඥ සංගමය නිහඬද? 1.  19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් 19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට උත්සාහ කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD/11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දී එම සංශෝධනය ජනමතවිචාරණයක් මගින් නීතියක් විය යුතු බවට තීරණය වීමෙන් එකී සංශෝධනය 2002 දී ක්‍රියාත්මක නොවීය. 2. නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් 2015 මාර්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුලු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට එමගින් අපේක්ෂා කළ අතර, එයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3ක් විසින් SC/SD/04/2015 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එකී සංශෝධනය ජනමතවිචාරණයක් නොපවත්වා නීතියක් විය. 3. 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවී ඇති වැරදි නිවැරදි කර ගැ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද? 1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍යවරු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 සහ 44.2 අනුව්‍යවස්ථා දක්වා ඇත. 3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදී සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ධූර වන අගමැති සහ අමාත්‍ය ධූර ලබා ගැනීම නිවැරදි බව අනුර දිසානායක ජනාධිපතිවරයා තීරණය කර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදුන් තෝරාපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍ය ධූර 2024.11.18 දින පත් කර ඇත. 4. පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස් වීමට හේතුවක් ලෙස ආ.ක්‍ර.ව්‍ය 66 ව...

83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමට මාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද?

83වන ව්‍යවස්ථාවේ දෝෂ / අතපසුවීම් නිවැරදි කිරීමට ගැසට් කළ 22, ජනාධිපතිවරයාගේ සමාව ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඇසුරෙන් 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුකර ඇති දෝෂ/ අතපසුවීම් නිවැරදි කිරීමට මාළිමා 159 ආණ්ඩුවට සහ අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකි වෙයිද? 1. 2002 දී සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. 2. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර එය නීතියක් කිරීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් SC/SD11/2002 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය කර ඇත. 3.2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සහ තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට අපේක්ෂා කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 3කගේ SC/SD/04/2015 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී තීරණය අනුව ජනමතවිචාරණයක් නොමැතිව ...

ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?

ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ඇති දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර, ආසන 159ක් ලැබූ මාළිමා ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනා හැකිද යන්න මෙම කෙටි ලිපියෙන් විමසා බැලීමට අදහස් කරයි. මාළිමාවට පාර්ලිමේන්තු ආසන 159ක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබී ඇත.එනම් 2/3 ටත් වැඩියෙන් ලැබී ඇත. මෙය 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවට තිබූ 2/3 ට වැඩි ආසන සංඛ්‍යාව මෙන් ය. පාර්ලිමේන්තුවේ ඉන්නා විපක්ෂයේ මන්ත්‍රීවරු 66 දෙනාට පාර්ලිමේන්තුවේ කතා කරමින්, වරප්‍රසාද භුක්ති විදිමින්, තේරීම් කාරක සභාවල අසුන් ගන්නත් හැකිය. මොකද පනත් කෙටුම්පතකට 2/3 ලැබෙන එක වළක්වන්න විපක්ෂයේ ආසන 66කට නොහැකිය. විපක්ෂයට ආසන 76ක් තිබ්බානම් පනත් කෙටුම්පතකට 2/3 ලැබීම වළක්වන්න හැකියාව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දැක්වෙන ජනමතවිචාරණයක් අවශ්‍ය ව්‍යවස්ථා හැර අනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ...

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද - කැප්පෙටිපොළද - සෝල්බරිද - ගැලවුම්කරුද - සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ...!

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද - කැප්පෙටිපොළද - සෝල්බරිද - ගැලවුම්කරුද - සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ...! 1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පිදුවේ 1818 නොවැම්බර් 26 වැනිදය. 2024 නොවැම්බර් 21 අලුත් පාර්ලිමේන්තු කැදවීමට නියමිතය. ඒ අනුර දිසානායක අලුත් ජනාධිපතිවරයාගේ 2024 සැප්තැම්බර් 24 දිනැති 2403/13 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ නියමය අනුවය. නොවැම්බර් 21 සහ 26 අතර ඇත්තේ දින කිහිපයක වෙනසකි. 1815 උඩරට ගිවිසුම, ජෝන් ඩොයිලි, කැප්පෙටිපොළ නිළමේ සහ සෝල්බරි සාමි ලංකාවට කළ බලපෑම පිළිබඳ කතිකාවකින් තොරව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක්විය හැකිද යන්න පිළිබඳ අදහස් දැක්වීම ඵලදායක නොවේ. ~ ඩොයිලි - ජෝන් ඩොයිලි ලංකාවට පැමිණි පසු පාලක පක්ෂයේ මෙන් ම රටවැසියාගේ ද සිත් දිනාගනිමින් තම සේවය ඉටු කළේ ය. ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සිංහල භාෂාව මැනවින් ඉගෙන ගැනීමට මහත් වෙහෙසක් දැරී ය. මාතර විසූ කාලයේ දී භික්ෂූන් වහන්සේගෙන් සිංහල භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තේය. රටවැසියන් අතර ඇති වූ වාද විව...