Skip to main content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද?
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී මන්ත්‍රීවරු ලෙස තෝර පත්කර ගත් අයට කළ හැක්කේ කථානායකවරයා තෝරා ගැනීම පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. 2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍යවරු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 සහ 44.2 අනුව්‍යවස්ථා දක්වා ඇත. 3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදී සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ධූර වන අගමැති සහ අමාත්‍ය ධූර ලබා ගැනීම නිවැරදි බව අනුර දිසානායක ජනාධිපතිවරයා තීරණය කර ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කථානායකවරයා ඉදිරියේ ප්‍රතිඥා/ දිව්රුම් නොදුන් තෝරාපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අගමැති සහ අමාත්‍ය ධූර 2024.11.18 දින පත් කර ඇත. 4. පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස් වීමට හේතුවක් ලෙස ආ.ක්‍ර.ව්‍ය 66 ව්‍යවස්ථාවේ දක්වා නැත්තේ පාර්ලිමේන්තු මන්තීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් දී නැති අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන නිසාද? යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රතිඥා/ දිව්රුම් නොදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන අගමැති සහ අමාත්‍ය ධූර දැරිය හැකිද? යන ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත හැකිය. 5. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ප්‍රතිඥා නොදුන් මන්ත්‍රීවරු ලෙස තෝරා පත්කරගත් පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස හැදුනුම්පත් ලබාදීම, මන්ත්‍රී වරප්‍රසාද ලබා දීම, නිවාස ලබා දීම, අගමැතිධූරය, අමාත්‍යධූර ලබා දීම සහ ඒ ස‍ඳහා සූදානම් වීම එකක්ද දෙකක්ද යන්න විමසිය යුතුය. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.11.19)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...