Skip to main content
නොමිලේ පවත්වන පැය 80ක සිංහල මාධ්‍ය 2වන නීති අධ්‍යයන වැඩසටහන




නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන (Ignorantia Juris Non Excusat) හෙයින් නීතිය දැන ගැනීමට ඇති අයිතිය සියලු පුරවැසියන්ට හිමි අයිතියකි.

ගාස්තු අයකිරීමකින් තොරව පවත්වන (සැගවුණ ගාස්තු නැත)

පැය 80ක සිංහල මාධ්‍ය - නීති අධ්‍යයන වැඩසටහන

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

සහභාගීවිය හැක්කේ කාටද?

භික්ෂූන් වහන්සේලාට, ගුරුවරුන්ට - රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට-විශ්‍රාමිකයන්ට - පොලීසියේ හා හමුදාවල සේවයේ නියුතු අයට - උසස් පෙළ විභාගයට පෙනී සිටි අයට - විශ්ව විද්‍යාල සිසුන් ට ව්යෙඅවසායකයන් ඇතුළු නීතිය පිළිබද උනන්දු අයට ඉල්ලුම් කළ හැකිය.

ආසන සීමිතයි. මුලින් ඉල්ලුම් කරන්න

ආරම්භක දිනය
2019 අගෝස්තු 24

ඉල්ලුම් කළ හැකි අවසන් දිනය
2019 ජූලි 31

විෂය අන්තර්ගතය - වෙනස් විය හැක

නීතියේ පසුබිම සහ නීතියේ ආධිපත්‍යය
නීතිය සහ ආගම
විධායකය - ව්යෙඅවස්ථාදායකය - අධිකරණය
නීති මූලාශ්‍ර
දණ්ඩ නීති සංග්‍රහය - පුරාවස්තු ආඥා පනත (1940/09)
අපරාධ නඩු විධාන සංග්‍රහය
සිවිල් නඩු විධාන සංග්‍රහය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඉඩම් සහ දේපළ නීතිය සහ ඔප්පු
බුද්ධිමය දේපළ
ව්‍යාපාර සම්බන්ධ නීතිය
රථවාහන සම්බන්ධ නීතිය
කම්කරු නීතිය
සාක්ෂි නීතිය සහ විශේෂඥ සාක්ෂි
දිව්රුම් ප්‍රකාශ
විවාහය සහ දික්කසාද නීතිය
මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම්
පාරිභෝගික අයිතිය සහ තොරතුරු දැනගැනීම සම්බන්ධ නීතිය
අන්තිම කැමති පත්‍ර
මහජන පීඩා - 66 වගන්තිය යටතේ නඩු
පොලීසිය - අතඩංගුවට ගැනීම - බන්ධනාගාර - ඇප
අභියාචනා - ප්‍රතිශෝධන - අභියාචනා අවසර ඉල්ලීම්
මැතිවරණ සහ ඡන්ද බලය සහ ජනමතවිචාරණය
කාලාවරොධය - වංචා වැළක්වීම
වනජීවී සහ වෘක්ෂලතා නීතිය
ශ්‍රේෂ්ඨාධිකරණ රීති - උපරිමාධිකරණවල නඩු පැවරීම
පනත් සම්මත කිරීම සහ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග

කිරීම ඇතුලු ජීවිතයට වැදගත්වන නීතියේ භාවිතය සහ යෙදීම් 

සාර්ථකව සහභාගීවන අයට කුසලාන සහ කුසලතා සහතික

සහභාගී වන්නේ කෙසේද?
මෙම නීති අධ්‍යයන වැඩසටහනට සහභාගීවීම සදහා නම, ලිපිනය, වර්තමාන තත්ත්වය, දුරකථන අංකය සඳහන් අයදුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් 2019.07.31 දිනට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ.(10524)

විමසීම - අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col) නීතිඥ
දුරකථන 0342256066, 0342256067, 0712063394
විද්‍යුත් arunaunawatuna@gmail.com

2019.05.04 දින පවත්වනු ලැබූ 1වන නීති අධ්‍යයන වැඩසටහනේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා 2019.05.05 දින දවල් 12.00 ප්‍රවෘත්ති (ITN) බලන්න...

යොමුව

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...