Skip to main content

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?

ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද?
ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිතව 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතීඥවරුන්වන කාලිංග ඉන්දතිස්ස, සංජීව ජයවර්ධන සහ ඉක්‍රම් මොහොමඩ් යන අයගේත් සහායෙන් බව 2021 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව මගින් පැහැදිලි වේ. (2021.08.18 දිවයින 07 පිටුව) එවන් පසුබිමකදී පුරවැසියන් විසින් 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥ අලි සබ්‍රි මහතාගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සංගමය විසින් ඉදිරි පියවර ගැනීම සිදු වෙයිද යන්න බලවත් සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 60% තිබූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ වැරදි නීතිමය දැක්ම සහ තත්ත්වය නිවැරදි කර ගැනීමට හැකි වූයේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ( SC/SD/24;2021) ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් පසු වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2021.07.06 දින හැන්සාඩ් වාර්තාවේ ඇතුලත් කර ඇත. රටේ සියලුම නීතීඥවරුන්ගෙන් සමන්විත ( විනිසුරුවරුන්ද ඇතුලත්) ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිහිප දෙනෙකුගේ බලපෑමට යටත්ව ජනමතවිචාරණයකට යා යුතුව තිබූ වගන්ති 7 ක් සහිත වූ 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිහඩව සහ උදසීනව සිටි බව ඉතා පැහැදිලි අතර නීතියේ පාලනයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයට මෙය දැඩි අනතුරක් බව ඉතා පැහැදිලිය. "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව" යන්න 2019 කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය මත ඇති වී තිබූ ඉහත තත්ත්වය පැහැදිලි කරයි. රජයන් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ බලවතුන් කිහිප දෙනෙකු විසින් වැරදි ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාලනය කිරීම සහ මෙහෙයවීම ජනතාවගේ පරමාධිපත්‍යය අනතුරට පත් කිරීමකි, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය බිද දැමීමකි. ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහයෙන් හෙයින් එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වාධීනව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්, නීතීඥ සංගම් සභාපතිට සහ ලේකම්ට පුරවැසියන් බාර දුන් පෙත්සම කුණු කුඩයටද? යන්න නීතියේ පාලනය පිළිබද විමසිල්ලෙන් සිටින ජනතාවට වැදගත් වේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු වැරදි ලෙස ක්‍රියා කිරීම, ස්වාධීනව වෘත්තීය බව නොපෙන්වීම සහ නීතීඥවරු කිහිප දෙනෙකුගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂාකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුරවැසියන් විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට 2021.07.20 දින බාර දුන් පැමිණිල්ල / පෙත්සම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේ එහෙයිනි. මාධ්‍ය අංශය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීතිඅධ්‍යයන වැඩසටහන, දුරකථන 0712063394, 0786016161 (2021.08.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...