"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....!
"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....!
එදා වාහන අංකවල තිබූ ' ශ්‍රී' අකුරට තාර ගෑවේ සිංහලත් ඉවත්කර, දෙමළත් ඉවත්කර ඉංග්‍රීසි අකුරු එකතු කිරීමට බව වැටහුනේ නැත.නමුත් සිදුවුණේ එයයි.
අද ජාතික ගීය දෙමළෙන් ගයන්නේ සංහිඳියාවට ආවරණය වී ඉංග්‍රීසියෙන් පමණක් ජාතික ගීය ගැයීමේ පොදු එකඟතාවයකට පැමිණීමට බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි.
නිරාගමිකයි කියන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි.
සහජීවනය කියමින් "ඒකීය" රට "එක්සත්" රට කිරීම වැටහෙන්නේ නැත.ඒත් සිඳුවන්නේ එයයි.
ජාතික ගීය ගයන භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා දීම යටත් විජිත තත්ත්වයෙන් මිදුන රටවල ලක්ෂණයක් බව සංහිඳියාවාදීන්ට, නිරාගමිකයන්ට, සහජීවනකරුවන්ට තේරුණද ඩොලර්වලට සහ ණය මුදලට එය යටවන බව වැටහෙන්නේ නැත. නමුත් සිදුවන්නේ එයයි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.04.18)
Comments
Post a Comment