Skip to main content

1948 සිට වසර 74ක් දේශීය පාලනයෙන් ආරක්ෂාව ලැබූ අධිපරිභෝජකයන්ගේ ජීවන රටාව 2022 "ගෝඨා ගෝ ගමෙන්" අවසන් වෙයිද?

1948 සිට වසර 74ක් දේශීය පාලනයෙන් ආරක්ෂාව ලැබූ අධිපරිභෝජකයන්ගේ ජීවන රටාව 2022 "ගෝඨා ගෝ ගමෙන්" අවසන් වෙයිද?
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අරගල නිර්මාණය විය. ජනාධිපතිවරණයෙන් තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය දෑතට ගත් ජනතාව විසින් 2022 ජූලි 09 දින නෙරපා හැරීම දක්වා එකී අරගලය ක්‍රියාත්මක විය. මැද පිළිවෙත අනුගමනය කළ දේශීය ජනතාව අධිපරිභෝජන සමාජ සංස්කෘතියකට පරිවර්තනය කිරීමේ නීති පැනවීම 1815 සිට බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබීය. ඒ උඩරට ගිවිසුමෙනි. 1948 සිට ස්වදේශිකයන් විසින් වසර 74ක් තිස්සේ අධිපරිභෝජන සමාජ සංස්කෘතිය නඩත්තු කරමින් පවත්වාගෙන ආවේය. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ජනතාවට නොමැති දේ මෙරට වැවිලි කර්මාන්තය ලෙස දියුණු කළ අතර, ස්වදේශිකයන්ගේස්ව්‍යංපෝෂී කෘෂි ආහාර ජීවන රටාව දියුණු කිරීමට පියවර නොගත්තේය. දේශීය නිෂ්පාදන දිරිමත් කරන, දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කරන නීති පැනවීමට 1948න් පසුවද පාර්ලිමේන්තුව ක්‍රියා නොකළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙමින් අධිපරිභෝජන සමාජ සංස්කෘතිය නඩත්තු කළේ බහුතර ජනතාවට නීතිය දැනගැනීමට ඇති අයිතියද අහිමි කරමිනි. අල්ලස, දූෂණය, අක්‍රමිකතාවය සහ බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධිපරිභෝජන සමාජ සංස්කෘතියේ ලක්ෂණයකි. රටේ සම්පත් විදේශීය රාජ්‍යයන්ට උගස් කර ණයට ඩොලර් ගෙන අධිපරිභෝජනය ජීවන සංස්කෘතිය පවත්වාගෙන යාම මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් වර්ධනය කිරීම කෙරෙහි ව්‍යවස්ථාදායකය,විධායකය සහ අධිකරණය අවධානය යොමු නොකළේය. 1948 සිට වසර 74 ක් තිස්සේ දේශීය නීති යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වූ සහ ආරක්ෂා කළ අධිපරිභෝජන සමාජ සංස්කෘතිය පුපුරා යාමේ උච්චතම අවස්ථාව ගෝඨාභය ජනාධිපතිවරයා 2022 ජූලි 09 දින ජනාධිපති ධූරයෙන් නෙරපා දැමීම දක්වා වර්ධනය විය. අධිපරිභෝජන සමාජ කොටස් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවූ අරගලයට විවිධ අයුරින් දායකත්වය සැපයීය. එහිදී බෞද්ධ ජනතාවගේ අවම දායකත්වය ලැබූ බවත්, විදෙස් සංවිධාන, වෙනත් ආගමික කණ්ඩායම්, නීතීඥ සංවිධාන ඇතුලු 1815 උඩරට ගිවිසුමෙන් පසු වර්ධනය වූ සහ ආරක්ෂාව ලැබූ සමාජ කොටස් වැඩි වශයෙන් දායකත්වය සැපයීය. 1815 සිටම අධිපරිභෝජන රටාවට ජනතාව හුරු කළේ ඉංග්‍රීසීන් ය. 1948 සිට වසර 74ක් ඉංග්‍රීසි අධිපරිභෝජන සමාජ සංස්කෘතියකට ශ්‍රී ලාංකිකයන් හුරු කරවමින් සිටියේය. පෙරදිග ධාන්‍යාගාරය ලෙස සැළකූ ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ ජීවිත පැවැත්ම සකස් වී ඇත්තේ අධිපරිභෝජනයට නොව මධ්‍යම ප්‍රතිපදාවටය. වර්තමානයේ අධිපරිභෝජකයන්ට සංකීර්ණ ප්‍රශ්න ඇති වී තිබුණද නමට බෞද්ධයන් නොවන සැබෑ බෞද්ධයන්ට එය සාමාන්‍ය තත්ත්වයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉවත් කර ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තේ අධිපරිභෝජකයන්ට තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාව නැවත ලැබේයැයි බලාපොරොත්තුවෙනි. නැතහොත් අලුත් පාලකයා කෙසේ හෝ විදෙස් රටවලින් ඩොලර් ගෙනවිත් තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාවට අවශ්‍ය විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආහාර නැවත ගෙන්වා ගැනීමට හැකියාව ලැබේය යන බලාපොරොත්තුවෙනි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටඑය කළ නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයෙන් නෙරපීමට මුල්වූ අධිපරිභෝජන සමාජ කොටස්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාවද ජනාධිපති ධූරයෙන් නෙරපීමට පාරට එනු ඇත. අධිපරිභෝජකයන්ට එරෙහිව යමින් මධ්‍යම ප්‍රතිපදාවකට සමාජය මෙහෙයවීමට නායකත්වය දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටදුර දැක්මක් ඇත්නම් පවතින ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීමට ඔහුට හැකි වේ. අලුත් ජනාධිපතිවරයා ඒ සඳහා සූදානම්ද? අධිපරිභෝජනය සමාජ සංස්කෘතිය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ඔහුගේ කැපවීම කෙසේද? දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ජනතාව පෙළගස්සවන ආකාරය කෙසේද? නිෂ්පාදන ආර්ථිකයකට සමාජය දිශානති කිරීමට ඔහුට දර්ශනයක් තිබේද? ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ අනන්‍යතාවය පිළිබඳ ඔහුගේ කියවීම කෙසේ වෙයිද? යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ධූර කාලයේ සාර්ථකත්වය තීරණය කෙරේ. 1948 සිට වසර 74ක් දේශීය පාලනයෙන් ආරක්ෂාව ලැබූ අධිපරිභෝජකයන්ගේ ජීවන රටාව 2022 "ගෝඨා ගෝ ගමෙන්" අවසන් වෙයිද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට තවම කාලය නොවුණත් අධිපරිභෝජකයන්ගේ ජීවන රටාවේ සැළකිය යුතු වෙනසක් මේ වනවිට සිඳුවී තිබේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.08.14)

Comments

  1. එත අතක ට ඒත සාධනීයයි නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...