Skip to main content

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට--

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට)-- අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන්, දේශපාලකයන් ඇතුලු අය  විනිසුරුවරුන්ට කරන අයුතු බලපෑම් නතර කිරීමට "අධිකරණ ස්වාධීනත්ව කොමිෂන් සභාව" පිහිටුවිය යුත්තේ ඇයි යන්න නීතිමය ලෙස මෙහිදී සාක්ච්ඡා කරයි.
විවිධ පාර්ශවයන් විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කරන බවට පාර්ලිමේන්තුවේදී පවා මහජන නියෝජිතයන් අදහස් දක්වා තිබේ. එවැනි බලපෑම් නීතිමය ලෙස විසඳා ගැනීමට විධිමත් කාර්ය පටිපාටියක් නීති සංශෝධනයක් මගින් ගෙනා යුතුය. විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ පොලීසියට පැමිණිලි කළ හැකි වුවද පොලීසියට කරන එකී පැමිණිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමට වන්නේද, අධිකරණ සේවා කොමිසම මගින්ම පාලනය වන මුල් අවස්ථා අධිකරණ වෙත වීම "වක්කඩේ හකුරු හැංගුවා" වැනි පැමිණිල්ල මුල් අවස්ථාවේදීම නිෂ්ක්‍රීය වීමට හේතුවකි. එකී පැමිණිලි විමර්ශනය කිරීමට පොලීසියට තාක්ෂණික හැකියාවක් තිබේද යන්නද ගැටලුවකි. මෙවැනි සමාජ නීති ප්‍රශ්න මගින් පෙනී යන්නේ විනිසුරුවරුන්ට සිදුකරන අයුතු බලපෑම් සම්බන්ධයෙන් විමර්ෂනය කර නීතිමය ක්‍රියාමාර්ග ගැනම අධිකරණ සේවා කොමිසමේ පාලනයට යටත් නොවන, "අධිකරණ ස්වාධීනත්ව කොමිෂන් සභාව" පිහිටුවා එමගින් විමර්ශනය කර අභියාචනාධිකරණයේ නඩු පැවරිය හැකි නීති සංශෝධනයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට/ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතට ගෙන ආ යුතු බවයි. රජයේ සිවිල් වරදෙහිලා වගකීම් පිළිබඳ පනත, ව්‍යවස්ථාපිත යුතුකම කඩ කිරීමට පිළියම් ඇති දණ්ඩ නීති සංග්‍රයේ 289 වගන්තියට සංශෝධනය ගෙන ඒමද අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් පවත්වන නීති අධ්‍යයන සාක්ච්ඡාව කොළඹ මහජන පුස්තකාලයේදී 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා) සවස 3ට* (ස්ථානය වෙනස් විය හැකිය.) නීති සටහන් ලබා දේ නීතීඥවරුන්‍ට, නීති ශිෂ්‍යයන්ට, අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට, පොලීසියේ - හමුදාවේ සේවය කරන අයට, රජයේ - පෞද්ගලික අංශයේ සේවය කරන අයට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ උනන්දු වන අයට සහභාගී විය හැකිය. ආසන සීමිත හෙයින් කලින් ආසනයක් වෙන්කර ගන්න. * (මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය ඇතුලු අධිකරණ වල නඩු පවරා අත්දැකීම් ඇති, නීති ග්‍රන්ථ 10ක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අධිකරණය, නීතිය, සමාජය පිළිබඳ නීති ලිපි ලියන, නීති අධ්‍යයන වැඩසටහන් සහ නීති වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ එම විශ්ව විද්‍යාලයේම උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන ඇති නීතිඥවරයෙකි.) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ (10524). දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022.10.25)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය