Skip to main content

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට--

--අධිකරණ ස්වාධීනත්ව කොමිසමක් ඕනෑ ඇයි? නීති අධ්‍යයන වැඩසටහන - 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා සවස 3ට)-- අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන්, දේශපාලකයන් ඇතුලු අය  විනිසුරුවරුන්ට කරන අයුතු බලපෑම් නතර කිරීමට "අධිකරණ ස්වාධීනත්ව කොමිෂන් සභාව" පිහිටුවිය යුත්තේ ඇයි යන්න නීතිමය ලෙස මෙහිදී සාක්ච්ඡා කරයි.
විවිධ පාර්ශවයන් විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කරන බවට පාර්ලිමේන්තුවේදී පවා මහජන නියෝජිතයන් අදහස් දක්වා තිබේ. එවැනි බලපෑම් නීතිමය ලෙස විසඳා ගැනීමට විධිමත් කාර්ය පටිපාටියක් නීති සංශෝධනයක් මගින් ගෙනා යුතුය. විනිසුරුවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ පොලීසියට පැමිණිලි කළ හැකි වුවද පොලීසියට කරන එකී පැමිණිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමට වන්නේද, අධිකරණ සේවා කොමිසම මගින්ම පාලනය වන මුල් අවස්ථා අධිකරණ වෙත වීම "වක්කඩේ හකුරු හැංගුවා" වැනි පැමිණිල්ල මුල් අවස්ථාවේදීම නිෂ්ක්‍රීය වීමට හේතුවකි. එකී පැමිණිලි විමර්ශනය කිරීමට පොලීසියට තාක්ෂණික හැකියාවක් තිබේද යන්නද ගැටලුවකි. මෙවැනි සමාජ නීති ප්‍රශ්න මගින් පෙනී යන්නේ විනිසුරුවරුන්ට සිදුකරන අයුතු බලපෑම් සම්බන්ධයෙන් විමර්ෂනය කර නීතිමය ක්‍රියාමාර්ග ගැනම අධිකරණ සේවා කොමිසමේ පාලනයට යටත් නොවන, "අධිකරණ ස්වාධීනත්ව කොමිෂන් සභාව" පිහිටුවා එමගින් විමර්ශනය කර අභියාචනාධිකරණයේ නඩු පැවරිය හැකි නීති සංශෝධනයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට/ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතට ගෙන ආ යුතු බවයි. රජයේ සිවිල් වරදෙහිලා වගකීම් පිළිබඳ පනත, ව්‍යවස්ථාපිත යුතුකම කඩ කිරීමට පිළියම් ඇති දණ්ඩ නීති සංග්‍රයේ 289 වගන්තියට සංශෝධනය ගෙන ඒමද අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් පවත්වන නීති අධ්‍යයන සාක්ච්ඡාව කොළඹ මහජන පුස්තකාලයේදී 2022 දෙසැම්බර් 15 (බ්‍රහස්පතින්දා) සවස 3ට* (ස්ථානය වෙනස් විය හැකිය.) නීති සටහන් ලබා දේ නීතීඥවරුන්‍ට, නීති ශිෂ්‍යයන්ට, අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට, පොලීසියේ - හමුදාවේ සේවය කරන අයට, රජයේ - පෞද්ගලික අංශයේ සේවය කරන අයට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ උනන්දු වන අයට සහභාගී විය හැකිය. ආසන සීමිත හෙයින් කලින් ආසනයක් වෙන්කර ගන්න. * (මෙම නීති අධ්‍යයන වැඩසටහන පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය ඇතුලු අධිකරණ වල නඩු පවරා අත්දැකීම් ඇති, නීති ග්‍රන්ථ 10ක් ලියා ඇති, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අධිකරණය, නීතිය, සමාජය පිළිබඳ නීති ලිපි ලියන, නීති අධ්‍යයන වැඩසටහන් සහ නීති වැඩමුළු පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ එම විශ්ව විද්‍යාලයේම උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන ඇති නීතිඥවරයෙකි.) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හඳපාන්ගොඩ (10524). දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022.10.25)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...