Skip to main content

අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා (අද දින) පෙ.ව. 8-10 අතර පැවැත්වීමට ඇති නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම පවත්වන බවට අදාල කාරණාවයි.

අතින්/විද්‍යුත් තැපැල් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com දුරකථන 0712063394 2024.04.02 මරදාන සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, නීතිපතිතුමා, නීතීඥවරුන් , මාධ්‍යවේදීන් වෙත..., අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා (අද දින) පෙ.ව. 8-10 අතර පැවැත්වීමට ඇති නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම පවත්වන බවට අදාල කාරණාවයි.
1. “අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන් ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාකලාපය නිවැරදි කරමු... ” මැයෙන් නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට 2024.04.02 අඟහරුවාදා පෙ.ව. 8-10 අතර පැවැත්වීමට අදාලව කෙසෙල්වත සහ මරදාන පොලිස් ස්ථානවලටත්, මාධ්‍ය ආයතන වෙතත්, පත්‍රිකා මාර්ගයෙන් නීතීඥවරුන් සහ ජනතාව වෙත දැනුම් දී ඇත. 2. මෙවර (2024) ජනාධිපතිවරණයට වත්මන් අධිකරණ අමාත්‍යවරයාද ඉදිරිපත්වීමේ සාකච්ඡාවක් පසුගිය දින ආරම්භ වී ඇති අතර, කෙසේ වෙතත් අද දින අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම සිදුකිරීම එදිනට දින ගණනාවකට පෙර සිට තීරණය කර අදාල පොලිස් ස්ථානාධිපතිවරුන්, නීතීඥවරුන්, මාධ්‍ය ආයතන දැනුවත් කර තිබූ හෙයින් යොදාගත් පරිදිම අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට උක්ත නිහඬ විරෝධය සහ නීති සටහන් ලබා දීම අද දින නියමිත වේලාවේ දී පවත්වන බව දැනුම් දෙමි. 3. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය වූ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට මෙරට පුරවැසියන්ට ලබා දී තිබූ අයිතිය, අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අහිමි කිරීම වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා නිවැරදි නොකළේය. 4. එසේම අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණයට අපහාස මුවාවෙන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත, අධිකරණ ඇමතිවරයාගේ පනත් කෙටුම්පතක් මත පාර්ලිමේන්තුව මගින් පනවාගෙන ඇති අතර, එකී පනතේ ඇතැම් විධිවිධාන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය, සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, 1969 අංක 22 දරන රජයේ සිවිල් වැරදි පිළිබද පනත, ස්වභාවික යුක්ති මූලධර්ම සමග නොගැලපෙන තත්ත්ව උද්ගත කරන හෙයින් ඒ සම්බන්ධයෙන්ද ඔහුගේ ඇති ව්‍යවස්ථාමය වගකීම/ යුතුකම ඉටුනොකිරීම අත්හැරෙන්නේ නැත. 5. එසේම “චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!” යන්න පිලිබදව කිහිප දෙනෙකු විසින් මේ වනවිටත් ආරම්භ කර ඇති කතිකාව ඉදිරියට ගෙන යාම, පුද්ගල නිදහස, නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදීද, සංවර්ධිත රටක් වෙනුවෙන්ද අවශ්‍ය වේ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...