Skip to main content

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීම වළක්වන ලෙසත්, එසේ ක්‍රියාත්මක වීමෙන් අයුක්තියට පත් පුරවැසියන්ට යුක්තිය ඉටුකර දෙන ලෙසත් නීතීඥවරයෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීම වළක්වන ලෙසත්, එසේ ක්‍රියාත්මක වීමෙන් අයුක්තියට පත් පුරවැසියන්ට යුක්තිය ඉටුකර දෙන ලෙසත් නීතීඥවරයෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් එතුමාට බාර දීමට ක්‍රියාකරන ලෙස කරන ඉල්ලීමයි මැයෙන් 2025.07.23 දිනැතිව යොමු කරන ලද ඉල්ලීමට අදාලව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 2025.08.13 දින නැවත ලිපියක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත යොමු කර ඇත. මෙම ඉල්ලීම ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම කල්දැමීම සුදුසු නොවන බවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි භාෂාවෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ව්‍යවස්ථා 2ක් පැවතීම සහ ක්‍රියාත්මක වීම සුදුසු නොවන බවත් නීතීඥවරුන් 209 ක් ද ඇතුලුව ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම එතුමාගේ අවධානයට කඩිනමින් යොමු කිරීමට අවස්ථානුගත තත්ත්ව උද්ගතවී ඇති බවත් එමගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව පළකරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් කරන ඉල්ලීමේ සහතික පිටපතක් අවස්ථානුගත තත්ත්වය අනුව හෙට දින (2025.08.14) ගරු ජනාධිපතිතුමා වෙත ලබා දීමට ක්‍රියාකරන බවත් මේ සම්බන්ධයෙන් සහ එතුමා සමඟ සාකච්ඡා කිරීමේදී සුදුසු පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහාය ලබා දෙන ලෙසත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සුදුසු පරිදි ක්‍රියා කරන ලෙසත්, එය වළක්වන ලෙසත්, එහිදී අයුක්තියට පත් වූ ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරදීමට මැදිහත්වන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එමගින් ඉල්ලා ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2025.08.13)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...