1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීම වළක්වන ලෙසත්, එසේ ක්‍රියාත්මක වීමෙන් අයුක්තියට පත් පුරවැසියන්ට යුක්තිය ඉටුකර දෙන ලෙසත් නීතීඥවරයෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවීම වළක්වන ලෙසත්, එසේ ක්‍රියාත්මක වීමෙන් අයුක්තියට පත් පුරවැසියන්ට යුක්තිය ඉටුකර දෙන ලෙසත් නීතීඥවරයෙක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඉල්ලයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් එතුමාට බාර දීමට ක්‍රියාකරන ලෙස කරන ඉල්ලීමයි මැයෙන් 2025.07.23 දිනැතිව යොමු කරන ලද ඉල්ලීමට අදාලව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 2025.08.13 දින නැවත ලිපියක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත යොමු කර ඇත.
මෙම ඉල්ලීම ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම කල්දැමීම සුදුසු නොවන බවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉංග්‍රීසි භාෂාවෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ව්‍යවස්ථා 2ක් පැවතීම සහ ක්‍රියාත්මක වීම සුදුසු නොවන බවත් නීතීඥවරුන් 209 ක් ද ඇතුලුව ගරු ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම එතුමාගේ අවධානයට කඩිනමින් යොමු කිරීමට අවස්ථානුගත තත්ත්ව උද්ගතවී ඇති බවත් එමගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදිව පළකරන ලෙස නීතීඥවරුන් 209ක් විසින් කරන ඉල්ලීමේ සහතික පිටපතක් අවස්ථානුගත තත්ත්වය අනුව හෙට දින (2025.08.14) ගරු ජනාධිපතිතුමා වෙත ලබා දීමට ක්‍රියාකරන බවත් මේ සම්බන්ධයෙන් සහ එතුමා සමඟ සාකච්ඡා කිරීමේදී සුදුසු පරිදි කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහාය ලබා දෙන ලෙසත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සුදුසු පරිදි ක්‍රියා කරන ලෙසත්, එය වළක්වන ලෙසත්, එහිදී අයුක්තියට පත් වූ ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරදීමට මැදිහත්වන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එමගින් ඉල්ලා ඇත.
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2025.08.13)
Comments
Post a Comment