22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පද්ධතිය අර්බුදයක...! The 13th Amendment and Provincial Council System in Crisis Due to a Petition Filed Against the 22nd Amendment...!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පද්ධතිය අර්බුදයක...!
The 13th Amendment and Provincial Council System in Crisis Due to a Petition Filed Against the 22nd Amendment...!
නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් මිස නීතියක් නොවන බබට තීරණය කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය 19 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුව බව සිය පෙත්සම මගින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක අවශ්‍යතාවය දක්වා තිබුණද ජනමතවිචාරණයක් නොපවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ( ජනාධිපති ධූර කාලය) සහ 62.2 (පාර්ලිමේන්තුව පවත්නා කාලය) අනුව්‍යවස්ථා සංශෝධනය කර ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව අතර පරස්පරතාවය ඇති වීමට හේතුව එය බවද ඔහු සිය පෙත්සම මගින් දක්වා ඇත.
2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධ කාරණයක් නැවත 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධව අධිකරණ තීරණ අනුගම්‍ය පූර්වාදර්ශය සම්බන්ධයෙන් ඔහු විසින් 2024 දී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී ඔහුට රු. ලක්ෂ 5 ක නඩු ගාස්තුවක් ගෙවීමට නියම වූ බවද ඔහු මෙම පෙත්සම මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) ඡේදයට ගැලපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.(b) ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත් එයට අදාල ලේඛනයද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔහු ක්‍රියා කර ඇත.
තවද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා සම්බන්ධයෙන් ඔහු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩි වශයෙන් කරුණු දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මෙම පරස්පරතාවයට හේතුව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද වැරදි හේතුවෙන් බවත් එම පෙත්සම මගින් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අවධානයට යොමු කර ඇත.
අධිකරණ විෂය ඇමතිවරයා විසින් 2026.08.18 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්කර පළමු වරට කියවන ලද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 23, 30.2, 62.2 සහ 83. ආ. ව්‍යවස්ථාවලට අනනුකූල බවත් ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුලුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවන බවට තීරණය කරන ලෙසද එම පෙත්සම මගින් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ පිටපත් කතානායකවරයාටද, නීතිපතිවරයටද යොමු කර ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම මගින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළත් සභා ක්‍රමයම අර්බුදයකට ලක් වෙයි.
එයට හේතුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්ටවස්ථාව අනුව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කළ අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුතුමන්ලා 9 දෙනා හමුවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් නොකර දෝෂ සහගත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා ගෙන තිබීමය.
1987 දී නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි 83. අ සහ ආ. ඡේද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා නොදීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 1987 දී නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි 83. අ සහ ආ. ඡේද අනුව ලබා නොදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති දෝෂ සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපත අනුව ලබා ගෙන ඇත.
නිවැරදි නීති මූලාශ්‍ර ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත්සභා ක්‍රමයම ඒ අනුව ව්‍යවස්ථා අර්බුදයකට ලක්වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ/ 30.2 සහ 62.2 ව්‍යවස්ථා අතර පරස්පරතා පෙන්වා දෙමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ පෙත්සම මගින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් පළාත්සභා ක්‍රමයත් ව්‍යවස්ථා අර්බුදයකට යන්නේද යන්න වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳනු ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2026.08.21)
.............................................................................................................................
The 13th Amendment and Provincial Council System in Crisis Due to a Petition Filed Against the 22nd Amendment...!
Pointing out contradictions in the Constitution, Attorney-at-Law Mr. Aruna Laksiri Unawatuna filed a petition in the Supreme Court on the 19th of this month, requesting a ruling that the 22nd Amendment cannot become law unless approved by a referendum. He cited inconsistencies arising in Articles 83(b), 30(2), and 62(2) as a result of errors made by several legal professionals.
Through his petition, Mr. Unawatuna highlighted that the contradictions among these articles stemmed from a failure to submit proper facts to the Supreme Court during the enactment of the 19th Constitutional Amendment in 2015, in accordance with the 1978 Constitution and Article 9 of the 1972 Constitution.
Specifically, although Article 83(ආ) of the Constitution requires a referendum to amend Articles 30(2) (the term of office of the President) and 62(2) (the duration of Parliament), these provisions were amended in 2015 without holding a referandum.
He stated in his petition that this omission is the root cause of the current conflict between constitutional provisions.
The petition also noted that when Mr. Unawatuna filed a Fundamental Rights petition in the Supreme Court in 2024 regarding the presidential term—referencing judicial precedents on the contradictory procedures applied to the amendment of Article 70 in 2015 versus a full-bench examination in 2002—he was ordered to pay legal costs amounting to Rs. 500,000.
Furthermore, he has presented a document to the Supreme Court showing that the Chairman of the Election Commission informed the Secretary to the President to rectify Article 83(b) in the English version of the Constitution so that it aligns with Article 83(ආ) in the official text.
The lawyer drew the attention of the Supreme Court to the fact that these constitutional contradictions trace back to errors made before the Court during the 19th Amendment in 2015.
Consequently, the petition requests a ruling that the 22nd Constitutional Amendment Bill—entered into the parliamentary order paper and read for the first time by the Minister of Justice on August 18, 2026—is inconsistent with Articles 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 23, 30(2), 62(2), and 83(ආ) of the Constitution. Therefore, under Article 83, the Bill cannot become law unless approved by the people at a referendum with a two-thirds majority (including absent members) voting in favor, followed by the President's endorsement under Article 80.
Copies of this petition have also been dispatched to the Speaker and the Attorney General.
Does the 13th Amendment and the Provincial Council System Face a Crisis?
The petition filed by Mr. Aruna Laksiri against the 22nd Constitutional Amendment has also brought the 13th Constitutional Amendment and the Provincial Council system into question.
The rationale behind this is that when the constitutionality of the 13th Constitutional Amendment was originally challenged under Article 121 of the Constitution in 1987, lawyers submitted a flawed English version of the Constitution before a bench of nine Supreme Court judges instead of relying on the authentic text of the 1978 Constitution. Because the correct provisions of paragraphs 83(අ) and 83(ආ) were not presented, the ruling was delivered based on the erroneous English version.
Consequently, due to the historical failure to submit accurate legal sources, the validity of the 13th Constitutional Amendment and the Provincial Council system has been drawn into a broader constitutional crisis.
Whether these foundational frameworks are genuinely driven into crisis by Mr. Unawatuna's petition—which highlights the contradictions between Articles 83(ආ), 30(2), and 62(2)—will ultimately be decided by the present Supreme Court.
Dr. Thilaka Padma Subasinghe Memorial Legal Education Programme
*Translation of the article - 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පද්ධතිය අර්බුදයක...!

Comments
Post a Comment