මැ.කො. ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින යැවූ ලිපිය හේතුවෙන් 2015න් පසු කතානායකවරයා සහතිකය යෙදූ සියලු පනත් (කෙටුම්පත්) මගින් නියෝග කරන දඩුවම්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයිද?
මැ.කො. ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින යැවූ ලිපිය හේතුවෙන් 2015න් පසු කතානායකවරයා සහතිකය යෙදූ සියලු පනත් (කෙටුම්පත්) මගින් නියෝග කරන දඩුවම්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයිද?
1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ඇත්තේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 49 සහ 51වන ව්‍යවස්ථා යටතේය.
2. ඒ අනුව ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් 2/3 සහ එහි කතානායකවරයාගේ සහතිකයෙන් සහ සිංහල භාෂාවෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවී ඇත.
3. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා 2025.08.11 දින ජනාධිපති ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයට පරිවර්තනය කරන ලෙසය.
4. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා 2025.08.11 දින ජනාධිපති ලේකම් වෙත ලිඛිතව කළ දැනුම් දීම අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයේ නොදැක්වෙන අතර ඒ අනුව වැරදි/ දෝෂ සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව ගත් සියලු අධිකරණ තීන්දු සහ තීරණ වැරදි හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒවා වෙයි.
5. වර්ෂ 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6 සිට 5 දක්වා අඩු කර ගන්නා ලද්දේ වැරදි/ දෝෂ සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අනුව ගත් ක්‍රියාපටිපාටීන් අනුවය.
6. ඒ අනුව 2015 දී ගෙන එනු ලැබු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 (ජනාධිපති ධූර කාලය) සහ 62.2 ( පාර්ලිමේන්තුව පවත්නා කාලය ) සහ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අතර පරස්පරතාවයක්/ පටහැනිතාවයක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් 2015 සිට මේ දක්වා එම පරස්පරතාවය/ පටහැනිතාවය නිවැරදි කර නැති හෙයින් 2015 සිට පාර්ලිමේන්තුව විසින් කතානායකවරයාගේ සහතිකයෙන් පනවනු ලැබූ සියලු නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම් බවට පත් වෙයි.
7. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින්, ජනාධිපති ලේකම් වෙත 2025.08.11 දින යැවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා ගැටළුවක් නිවැරදි කිරීමට ඉල්ලූ ලිපිය හේතුවෙන් 2015න් පසු කතානායකවරයා සහතිකය යෙදූ සියලු පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන තැනට පත්වන අතර එම පනත් (පනත් කෙටුම්පත්) ලබා දෙන දඩුවම් සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම්ද, අධිකරණ නියෝගද, ක්‍රියාවන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම් බවට පත් වෙයි.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.09.09)



Comments
Post a Comment