Skip to main content

Posts

ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....!

ඇතැම් විශාරදයන් ජනතාවගෙන් සගවන 19වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති 44.2 ව්‍යවස්ථාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමාත්‍යය ධූරයක් දැරීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බාධාව සහ එය ජයගත හැකි ආකාරය.....! 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  44.2 අනු ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට තමා යටතේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීමටත්, අමාත්‍යාංශයක යම් විෂයක් හෝ කාර්යයක් පවරා ගැනීමටත් ප්‍රතිපාදන සළස්වා තිබුණි. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍යධූර දැරීමට තිබූ එකී අයිතිවාසිකම සහ ව්‍යවස්ථානුකූල බලය ඉවත්කරනු ලැබීය. එසේ ඉවත් කරනු ලැබූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 9වන වගන්තිය මගිනි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   44.(2) අනු ව්‍යවස්ථාව මෙසේය. 44(2) ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාට ම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ  විධිවිධාන යටෙත් හෝ 45 වැනි ව්‍යවස්ථාවේ  (1) වැනි අනුව්‍යවස්ථාව...

ඇමති ධූර දැරීමට තිබූ පැරණි 44.2 ව්‍යවස්ථාව 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත්කර තිබියදී ගෝඨාභය ජනාධිපතිට ආරක්ෂක ඇමති ධූරය දැරිය හැකිද?

ඇමති ධූර දැරීමට තිබූ පැරණි 44.2 ව්‍යවස්ථාව 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත්කර තිබියදී ගෝඨාභය ජනාධිපතිට ආරක්ෂක ඇමති ධූරය දැරිය හැකිද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය.19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගන්තිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි. 19වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය. 51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම් ගනු ලැබිය යුත්තේ ය. එනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන...

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම ආරම්භවීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධූරය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්ද? 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2015 මැයි මස 15 දින කථානායකවරයා එයට අත්සන් තැබීමෙන් පසුය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ වගන්ති 51ක් ඇති අතර එහි 51වන වගනිතිය හේතුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 51වන වගන්තිය මෙසේය. 51. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත ආරම්භ වන දිනයේ දී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධුරය දරන තාක්කල් රාජ්‍ය ආරක්ෂාව , මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කර්තව්‍ය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇත අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක් , ජනා...

ගෝඨාභය මැතිතුමා වෙත යොමු කරනු ලබන ඉල්ලීම් 07....!

ගෝඨාභය මැතිතුමා වෙත යොමු කරනු ලබන ඉල්ලීම් 07....! 1. කිසිවෙකුට එරෙහිව බොරු නඩු නොපවරන්න. 2. හිටපු අගවිනිසුරුවරුන්වන මොහාන් පීරිස් මහතාට සහ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට යුක්තිය ඉටු කරන්න. 3. බලවතුන් කිහිප දෙනෙකු අතේ ඇති නීතියේ බලය පොදු ජනතාව අතට පත්කරන්න. 4. සූර්‍යයා මුල්කරගත් කෘෂි ආර්ථික සංවර්ධනයක් රටේ ආරම්භ කරන්න. 5. ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීමට පෙර රාජ්‍ය භාෂාවෙන් ඒවා ජනතාව අතට පත්කරන්න. 6. ලංකා ඉතිහාසය හා සිංහල භාෂාව ජාත්‍යන්තර පාසල්වල අවසන් ශ්‍රේණිය දක්වා ඉගැන්වීම අනිවාර්ය කරන්න. 7. ප්‍රංශ, චීන, ස්පාඤ්ඤ, රුසියන් ජාත්‍යන්තර  භාෂා 2වන ශ්‍රේණියේ සිට රජයේ පාසල්වල් ඉගැන්වීම ආරම්භ කරන්න. මෙම ඉල්ලීම් 07 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2019.11.18 වන දින යොමු කරනු ඇත. විස්තර - නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (සමායෝජක) "ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සම්බන්ධව බහුතර ජනතාවගේ භාෂණයේ, ප්‍රකාශනයේ, අදහස් පළ කිරීමේ සහ සමාගමයේ නිදහස දිනාගැනීම වෙනුවෙන්වන වැඩසටහන, අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ (10524) දුරකථන 0712063394, 0342256066, 0342256067

" බණ්ඩාරනායක අගවිනිසුරැවරියගේ උත්තරීතර දෝෂාභියෝගයේ නීතියේ යුක්තිය , ලංකාවේ නඩු විභාග සහ ජනතාව" පිළිබද කතිකාව

( ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාව ~ 8වන නීති අධ්‍යයන වැඩමුළුව) " බණ්ඩාරනායක අගවිනිසුරැවරියගේ උත්තරීතර දෝෂාභියෝගයේ නීතියේ යුක්තිය , ලංකාවේ නඩු විභාග සහ ජනතාව" පිළිබද කතිකාව ඔක්තෝබර් 31 සවස 2.30-6.00 දක්වා කොළඹ 07, මහජන පුස්තකාලයේදී...... (ආසන සීමිත හෙයින් කලින් ආසන වෙන්කර ගැනීමට දුර 0712063394 අමතන්න)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......!

(නඩු තීන්දු සිංහලෙන් ලබා ගැනීමේ අත්සන් ලක්ෂය සදහ සහාය දැක්වීමට මෙහි සදහන් නගරවල අයෙක් සමග සම්බන්ධ විය හැකියි...) ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි......! ශ්‍රී ලංකාවේ නීතිය සොයාගත හැකි ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි. 1.      පාර්ලිමේන්තුව සම්මත කරන පනත් 2.      ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු “නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින්” ස්වාධීන රටක නීති පැනවීම ස්වදේශීය ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දීම ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි. පාර්ලිමේන්තුව නීති පැනවීම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් එකක්වන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත්ය. පාර්ලිමේන්තුව රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති පැනවීම සිදු නොකරන අතර පාර්ලිමේන්තුව පනවන නීති එනම් පනත් සිංහල භාෂාවෙන් පනවා එයට ප්‍රමුඛස්ථානයද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග පනවනු ලැබේ. එමෙන්ම ...

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....!

ඉංග්‍රීසියෙන් නීති පැනවීමට නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යලි තහවුරු කරන නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන පුරවැසි අත්සන් ලක්ෂය.....! ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ භාෂාව සිංහල සහ දෙමළ වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැනවිය හැක්කේ සිංහලෙන් පනවන නීතියේ පරිවර්තයක් පමණි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණවල නීති තර්ක ඉදිරිපත් කරන්නේ ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත/නීතිය මත නොව පරිවර්තනයක් ලෙස මුද්‍රණය කර ඇති ඉංග්‍රීසි පනතේ/ නීතිය දෙස බලාගෙනය. ප්‍රාථමික නීතිය පසෙකලා ද්විතීක නීතිය අනුව නීති තර්ක ඉදිරිපත් කරන්නේ කවර නීති ප්‍රතිපාදනයක් අනුවද යන්න පැහැදිලි නැතත් ඉංග්‍රීසියෙන් ඇති පරිවර්තනය දෙස බලා යුක්තිය පසිදලීම ශ්‍රී ලංකාවේ සිදු වේ. මෙය නිවැරැදි නීතිය පසිදලීම නොවුණත් සිදුවන්නේ එයයි. එනම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ නීති පැනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ ඉඩක් ලබා දී නැත. එසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දී (එම අධිකරණ දෙකේ සෑම නඩු තීන්දුවක්ම නීති වේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ නීති පැනවීමට අදාල විධිවිධානවලට පටහැනි වන්නේද?...