Skip to main content

Posts

(කෝවිඩ් -19) එන්නත නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක්....

(කෝවිඩ් -19) එන්නත නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක්.... කෝවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත් නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්‍තිකරණ විකල්ප සහතිකයක් ලබා දීමට කටයුතු කර ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.09.18)

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....!

අලි ජාවාරම නතර කිරීමට යා යුතු අධිකරණය, අලි සංවිධාන සහ අලි විශාරදයෝ....! දීර්ඝ කාලයක් තිස්සේ පැවති අලි ජාවාරමට පසුගිය වසර කිහිපයේ සිට කණ කොකා හැඩීමට පටන් ගත්තේය. ඒ අත්තනගල්ල, ඇඹිලිපිටිය, හොරණ, කොළඹ, නුගේගොඩ, කැස්බෑව, මාතර, වැනි මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදු වීමෙනි. නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම එකී නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට ඇති හොඳම සහ සඵල මාර්ගය වේ. මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම අපරාධකරුවන්ට එල්ල කරන්නේ මහත් පීඩාවකි. මහේස්ත්‍රාත් අධිකරණය යනු අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධානම අධිකරණයයි. අපරාධ අධිකරණයක නඩුවක් පැවතීම අපරාධ කරුවන්ට අත් කරන පීඩාව හේතුවෙන් නැවත එවැනි අපරාධ සිදු නොකිරීමේ අදහසක් ඔවුන් තුළ ඇති කරයි. පසුගිය වසර කිහිපයේ අලි ජාවාරම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ මහේස්ත්‍රාත් අධිකරණවල අපරාධ නඩු පැවරීම් සිදුවීම හේතුවෙන් වනයෙන් අලි පැටවුන් අල්ලා ගැනීම, නීති විරෝධීව අලි ලියාපවිංචි කිරීම සම්පූර්ණයෙන්ම නතර විය. නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි අලි, ඇතුන් සහ පැටවුන් රජයේ බාරයට ගන්නා ලද්දේ මහේස්ත්‍රාත් අධිකරණ ...

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත් කිරීමට අවස්ථාව දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 80 සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි....!

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත් කිරීමට අවස්ථාව දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 80 සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි....! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාව කතානායක සහතිකය යෙදූ පසු පනතේ වලංගුතාවය පිළිබඳව පරීක්ෂා කිරීම, මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් විසින් නොකළ යුත්තේය. එවැනි තත්ත්වයක් ත්‍රිපිටකය සම්බන්ධව භික්ෂූන් වහන්සේලා විසින් ලබා දෙන තීරණයට යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් නැත්තේ ඇයි? එනම් කතානායකවරයාගේ සහතිකයට හිමි නෛතික බලය ත්‍රිපිටකය සම්බන්ධයෙන් යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් භික්ෂු සංස්ථාවට නැත්තේ ඇයි? මෙය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව සහ 105.4 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි. ආගමක නියම සම්බන්ධයෙන් උත්තරීතර අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථාව සළසා දී ඇත්තේ 105.4 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට පමණි. යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතෙන් "ත්‍රිපිටකය" රෝම ලංදේසි අධිකරණවල විනිශ්චයට පත...

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සමග දෙරණ නාලිකාව 2021.08.30 දින පැවති derana 360 පැවති සාකච්ඡාවේ දී පහත ප්‍රශ්න 06 විමසුවාද? පිළිතුරු ලැබුණාද? 1) එන්නත් භාවිතයත් සමගම අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ ඇයි? 2) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසාද? නැද්ද? 3) අලුත් ප්‍රභේධ ඇති වෙන්නේ එන්නත නිසා නොවේනම් එන්නත් භාවිතයත් සමග අලුත් ප්‍රභේධ ඇතිවීම වැඩි වුණේ කෙසේද? 4) අලුත් ප්‍රභේධ සඳහා පරණ ප්‍රභේධවලට සොයාගත් එන්නත ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? 5) අලුත් ප්‍රභේධවලට ක්‍රියාකරන අලුත් එන්නත් නිෂ්පාදනය කරන්න කොපමණ කාලයක් යයිද? 6) අලුත් ප්‍රභේධ සඳහා එන්නත්කරණය තව ඉදිරියට කොපමණ සැරයක් කළ යුතුද? එකී සාකච්ඡාව සඳහා යොමු වීමට https://m.youtube.com/watch?v=0DR0UBC02No&t=63s මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.31)

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද?

සරසවි සිසුන්ට බන්ධනාගාරයේදී කෝවිඩ් වැළදීමට ඉඩ හැරීමෙන් ජීවිතවලට සිදුකළ අන්තරාය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදිවලට අදාලව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරයිද? පෙර පරීක්ෂණ වලින් කෝවිඩ් 19 වෛරස නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව සිදු කළ වැරදි / අපරාධ ලෙස සැළකිය හැකිය.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණීලි කිරීමෙන් පමණක් මේ වරදට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සිදු නොවේ. දණ්ඩ නීති සංග්‍රහයේ 100, 161,289, 298, 301,490 වගන්ති යටතේ ඇති වැරදි සම්බන්ධයෙන් පරීක්ෂාකර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස්පතිවරයාගේ යුතුකම සහ වගකීම වේ. බන්ධනාගාරගත කිරීමට පෙර සිදුකර ඇති පරීක්ෂණයෙන් කෝවිඩ් 19 වෛරස් නැති බව තහවුරු වූ සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සිදු වී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වී ඇත. මෙය ජනතාවගේ ජීවිත අන්තරායකර තත්ත්වයට පත් කිරීමකි. නීතියේ රැකවරණයද අහිමි කරවීමකි. සරසවි සිසුන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කෝවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ජීවිතවලට එරෙහිව...

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත.

නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත. 1) එන්නත ලබා ගන්නා අයගේ නම 2) එන්නත ලබා දුන් දිනය 3) එන්නත ලබා දුන් ස්ථානය 4) ලබා දුන් එන්නතේ නම 5) ලබා දුන් එන්නත් ප්‍රමාණය 6) ඉදිරි එන්නත් විදීමට නියමිත දිනය / දින 7) එන්නත මගින් ආරක්ෂාව සපයන කාල සීමාව 8 ) එන්නත මගින් විය හැකි අතුරු ආබාධ 9) ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාන්‍ය භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? හදිසි භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? 10) එන්නත ලබා ගත් අය එන්නත විදීමට කැමැත්ත දුන්නේද? නැද්ද? මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකතන 0712063394, 0786016161 (2021.08.19)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...!

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ ඉල්ලීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් පුරවැසියන් 1000 කගේ විරෝධතා පෙත්සමක් මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට...! ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුවට යොමු කරන පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස 2021.08.17 දින ගෙවිඳු කුමාරතුංග ( පා.ම) හේෂා විතානගේ ( පා.ම) කුමාර වෙල්ගම ( පා.ම) චමින්ද විජේසිරි ( පා.ම) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියත් එකී ඉල්ලීම ඉටු කරම්න් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා කටයුතු නොකිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීමකි. එයට විරෝධය දක්වා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා වෙත පුරවැසියන් 1000ක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු යොද ඇත. මේ සඳහා අත්සන් කිරීමට කැමති අයට සිය අත්සන යොදා සහාය දැක්විය හැකිය. සමායෝජක, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබ...