Skip to main content

Posts

පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද?

පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ප්‍රතිකාර ගන්නා ජනතාව "නිවාස අඩස්සියේ" තැබීමට රජය ක්‍රියා කරයිද? කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කිරීමේ නීති පනවා නැති අතර පොදු ස්ථාන වෙත  ප්‍රවේශ වීමේදී කෝවිඩ් -19 එන්නත් කාඩ් පත ලබා තිබීම අනිවාර්යය කිරීමේ නීති පනවා ඇත. කෝවිඩ් 19 එන්නත් විදගැනීම අනිවාර්යය කර නොතිබියදී එන්නත් නොගන්නා අයට පොදු ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම නිසා එන්නත් විදනොගන්නා අයගේ එනම් ආයුර්වේද පනත අනුව ප්‍රතිකාර ගන්නා අයගේ අධ්‍යාපන ලැබීමේ අයිතිය, පාසල් යාමේ අයිතිය, ගමන් බිමන් යාමේ අයිතිය, ආගමික අයිතිය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, රෝගවලට ප්‍රතිකාර ගැනීමේ අයිතිය, අධිකරණයට සහ යුක්තීය පසිඳලන ආයතනවලට යාමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය ඇමතිට නොහැකිය. එනම් පොදු ස්ථාන සඳහා කෝවිඩ් -19 එන්නත් කාඩ්පත් අනිවාර්යය කිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එන්නත් නොගන්නා ආයුර්වේද පනත යටතේ ...

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා.

තෙල්, ගෑස්, විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය, නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ අමාත්‍යාංශය සමග පවත්වන වැරදි සම්බන්ධතා. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන) (තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එනආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත) 1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යටපත් කිරීම වෙනුවෙන් 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්...

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල

තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධය සහ නීතියේ පාලනය බිඳ දැමීමේ උගුල (තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය පෙරට ගෙන එන ආණ්ඩු විරෝධයේ සහ නීතියේ පාලනය බිඳ වැටීමේ අවධානම පිළිබඳ පෙන්වා දීම මෙම ලිපියෙන් අරමුණු කර ඇත) 1. 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එවකට සිටි පාලන කණ්ඩායම විසින් ගෙනා අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 07ක් විසින් එයට ජනමතවිචාරණයක් නියම කරන ලදී. 2 . එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් කුමන්ත්‍රණකාරී ලෙස 2015 දී 19ය වැරදි ලෙස නීතියක් බවට පත් කර ගන්නා ලදී.(2015 ගෙනා 19ය නීතියක් නොවේ) කියවන්න නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ලියා ඇති "සාලිය පීරිස් ජයගත් නීතීඥ නිලවරණයේ ඇත්ත සඟවන්නේ ඇයි…?" (දිවයින ඉරිදා සංග්‍රහය 2021.03.14) 3. මෙකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථා වරද නිවැරදි කිරීම වෙනුවට එය යට ගැසීම සඳහා 2020 දී 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදී. (ඉහත ලිපිය කියවන්න) 4. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයේ හිටපු ඇමතිවරුන් 20ට ඇතුළත්වන බව දක්වා නැති අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව...

අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය රටට එරෙහි සැළසුමක්ද? ඡායාරූප ප්‍රදර්ශනය සහ නීති සාකච්ඡාව 2022 මැයි 05 බ්‍රහස්පතින්දා

අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය රටට එරෙහි සැළසුමක්ද? ඡායාරූප ප්‍රදර්ශනය සහ නීති සාකච්ඡාව 2022 මැයි 05 බ්‍රහස්පතින්දා උදේ 10 සිට සවස 6 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී රුවන්වැලිසෑය පින් බිමේදී දුටුගැමුණු මහ රජතුමා ඉදිරියේ ජනතාව රකින බවට ජනාධිපතිතුමා විසින් පොරොන්දු ලබා දී තිබියදී සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කරමින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට සමත් විනිසුරුවරු සහ නීතීඥවරු බිහිවීම වැළැක්වීමට අධිකරණ අමාත්‍යාංශය සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව ගැසීම රටට එරෙහි සැළසුමක්ද යන්න ජනතාව විමසා බැලිය යුතුය. "සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කිරීමට සහ සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට සමත් විනිසුරුවරු සහ නීතීඥවරු බිහිවීම වැළැක්වීමට එරෙහි වෙමු" මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාශය, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ධර්මපාල පිළිරුව, අගවිනිසුරු නිල නිවස, බ්‍ර්තාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතා සහ නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දී ඇ...

පාඨලී චම්පික අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වන්දනා කළා වගේ නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කළ වෙලේ බෝධීන් වහන්සේ වන්දනා කළාද?

පාඨලී චම්පික අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ වන්දනා කළා වගේ නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කළ වෙලේ බෝධීන් වහන්සේ වන්දනා කළාද? පාඨලී චම්පික රණවක අද (2022.03.07) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී..... අධිකරණ අමාත්‍යාංශය මූලිකත්වයෙන් නීති අධ්‍යාපනයෙන් සිංහල භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුව ගහන කොටත් මෙහෙම බෝධින් වහන්සේ වන්දනා කළා නම් හොඳයි නේද? (ෆීනික්ස් නීති සාර සංග්‍රහය) මධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394

යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද?

යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද? යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්‍තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී. ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.) රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බවත්, ලෝකයේ රටවල සහාය ඔවුන්ට නොලැබෙන බවත් පෙන්වීමද? යන්න රුසියාවට පනවන සම්බාධක ප්‍රායෝගික නොවීමෙන් පෙනී යනු ඇත. ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය කළ වැරදි 3ක් ඇත. ඒ අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය...

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....!

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....! (2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය වෙනුවන් ලියන ලද ලිපිය) 1) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණ ඇමතිවරයා ලෙස පත්වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු ඉංග්‍රීසි භාෂාව අවභාව්ත කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදෙස් රටවල අන්තවාදී නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළට ගෙන ඒමට ගත් උත්සාහය සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර පරාජය කිරීමට නීතීඥවරුන්ට හැකි වීම ප්‍රසිද්ධ කරුණකි. ( SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය - 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387-1449 දක්වා පිටුවල ඇත) 2) සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අමතා නඩු ජයගත නොහැකිය යන අදහස නීතියේ බලය අතදරන කිහිප දෙනෙකු කර ඇති ජනතාව නොමග යවන ප්‍රචාරයක් බවට මේ වනවිට පත් වී ඇත. 3) ඉංග්‍රීසියෙන් කරුණු ඉදිරිපත් කරමින් ගෙනෙන වැරදි නීති තර්ක සිංහල භාෂාවෙන් නිවැරදි නීති තර්ක ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයගත හැකි බවත්, නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය භා...