Skip to main content

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....!

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....! (2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය වෙනුවන් ලියන ලද ලිපිය)
1) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණ ඇමතිවරයා ලෙස පත්වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු ඉංග්‍රීසි භාෂාව අවභාව්ත කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදෙස් රටවල අන්තවාදී නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළට ගෙන ඒමට ගත් උත්සාහය සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර පරාජය කිරීමට නීතීඥවරුන්ට හැකි වීම ප්‍රසිද්ධ කරුණකි. ( SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය - 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387-1449 දක්වා පිටුවල ඇත) 2) සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අමතා නඩු ජයගත නොහැකිය යන අදහස නීතියේ බලය අතදරන කිහිප දෙනෙකු කර ඇති ජනතාව නොමග යවන ප්‍රචාරයක් බවට මේ වනවිට පත් වී ඇත. 3) ඉංග්‍රීසියෙන් කරුණු ඉදිරිපත් කරමින් ගෙනෙන වැරදි නීති තර්ක සිංහල භාෂාවෙන් නිවැරදි නීති තර්ක ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයගත හැකි බවත්, නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය භාෂාව මත වෙනස්කමකට ලක් නොකළ හැකි බවත් නීතීඥවරුන් මේ වන විට තහවුරු කර ඇත. 4) සෑම නීතීඥවරයෙකුම වෘත්තීයට පිවිස වසර 3කට වරක් අතිරේක නීති විභාගයකට පෙනී සිටිය යුතු බවට අදහසක් අධිකරණ අමාත්‍යාශයේ සහ තීති විශාරදයන් කිහිප දෙනෙකු විසින් යෝජනා කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණ භාෂාවෙන් පවත්වන විභාගයක් මිස අධිකරණ භාෂාවක් නොවන භාෂාවකින් පවත්වන විභාගයක් නොවිය යුතු වන්නේ මේ වනවිට 2020.12.30 දිනැති අංක 2208/13 අතිවිශේෂ ගැසට්ටුව මගින් සංස්ථාගත නීති අධ්‍යයන සභාව සහ අධිකරණ ඇමතිවරයා විසින් අධිකරණ භාෂාවෙන් නීති ශිෂ්‍යයන්ට විභාග පැවැත්වීම වළක්වා ඇති හෙයිනි. 4) එවන් තත්ත්වයක් තුළ නීතිඥවරුන්ට අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් පවත්වන පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට අගවිනිසුරු, අධිකරණ අමාත්‍යාංශය, නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු, සංස්ථාගත නීති අධ්‍යයන සභාව තීරණය කරන්නේ නම් එයට එකඟ විය නොහැක්කේ නීතීඥවරු විදෙස් නීති අධ්‍යාපන ආයතනවල සහ පෞද්ගලික නීති ආයතනවල යැපෙන්නන් බවට ඉන් පත් කර එකී ආයතන අයුතු ලෙස ධනවත් කරන නිසා පමණක් නොවේ. 6) අධිකරණ භාෂාව නොවන භාෂාවකින් නීතිඥවරුන්ට සහ නීති ශිෂ්‍යයන්ට විභාගයකට පෙනී සිටීමට යමෙක් නියම කරයි නම් එවැනි අය නිවැරදි නොවන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති අධිකරණ භාෂාවට එරෙහි වැරදි පෙළඹවීමක් වනවා මෙන්ම නීතියේ පාලනයටත්, නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයටද කරන අයුතු බලපෑමක් ද වේ. 7) ඉංග්‍රීසි භාෂාවෙන් වැරදි නීති තර්ක ගෙනෙන අයව සිංහල භාෂාවෙන් නිවැරදි නීති තර්ක ගෙනවිත් පාලනය කිරීමට සමත් නීතීඥවරු නිදහස් අධ්‍යාපනය ලැබූවන් අතරින් බිහිවී සිටියදී නීතීඥවරුන්ට හෝ නීති ශිෂ්‍යයන්ට අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විභාග පැවැත්වීම සාධාරණ නොවනවා මෙන්ම යුක්තියටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානයටද, නීතිගරුක සමාජයක් බිහිකිරීමටද, තිරසර සංවර්ධනයටද පටහැනි තත්වයක් වේ. 8) භාෂාව මත වෙනස්කම් සිදුකර අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් ඇගයීම් පවත්වා නීතීඥවරුන් නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට ක්‍රියා කරයිනම් එයට එරෙහිව අඛණ්ඩව ජනතාව දැනුවත් කරන ක්‍රියාමාර්ග ගැනීම සමාජ වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ මෙයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ඵලදායක නොවන හෙයිනි. 9) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානය ආරක්ෂා කරන ලෙසත්, නීතීඥ වෘත්තියේ ස්වාධීනත්වයට ගරු කරන ලෙසත්, අගවිනිසුරු, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකුගේ අධිකරණ භාෂා විරෝධය පාලනය කරන ලෙසත් ජනාධිපති ඇතුලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිම නීතිගරුක පුරවැසියන්ගේ යුතුකමකි. පෙබරවාරි 21 මව් භාෂා දිනයේදී නීතීඥවරුන්ගේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානයට එරෙහි අභියෝග හදුනා ගනිමු... දැනුම්වත් වෙමු... නිවැරදි කරමු...! නීතීඥවරුන්ට අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් ඇගයීම් සිදුකරමින් විදෙස් නීති ආයතන අයුතු ලෙස ධනවත් කිරීමට ගන්නා උත්සාහය පරදවමු...! "සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ අධිකරණ භාෂා විරෝධය පාලනය කරමු...! 2020.12.30 දිනැති අංක 2208/13 අතිවිශේෂ ගැසට්ටුවේ අධිකරණ භාෂා තහනම නිවැරදි කරමු...! නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය