Skip to main content

පාර්ලිමේන්තුව විසිරවීම අවලංගුකළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබානොදේ.....!


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ අතර එකී ගැසට් පත්‍රය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් 2018.12.13 දින තීන්දුවක් ලබා දී තිබුණි. එකී තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී තිබුණි. ඉංග්‍රීසි භාෂාව යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව හෝ ජාතික භාෂාව හෝ නීති පැනවීමේ භාෂාව හෝ අධිකරණ භාෂාව හෝ නොවන අතර එය රාජ්‍ය භාෂාවෙන් ලබා ගැනීම සදහා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත 2018.12.18 දින ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.

පාර්ලිමේන්තුව විසිරවීම අවලංගුකළ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් ලබා නොදී පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය එනම් සිතීමේ නිදහස,  හෘදය සාක්ෂියේ නිදහස, නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණයද, සර්ව සාධාරණ වීම, කිසිම පුරවැසියකු භාෂාව මත වෙනස්කමකට හෝ ලක් නොවිය යුතු වීම, භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස, සමාගමයේ නිදහස, එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි කිරීම ජනාධිපතිවරයා විසින් සිදු ‍නොකළ යුතු බව ඉන් පෙන්වා දී තිබුණි. එම ලිපිය පහත දැක්වේ.





 ජනාධිපතිවරයා වෙත කළ එකී ඉල්ලීම ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න වෙනුවෙන් ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් සුදුසු කටයුතු සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල වෙත යොමු කර ඇත. එකී ලිපිය පහත දැක්වේ.




ජනාධිපති කාර්යාලය විසින් යොමු කළ ලිපිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත 2019.03.15 දින අවශ්‍ය කටයුතු සදහා යොමු කර ඇත. එකී ලිපිය පහත දැක්වේ.



ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නීති රෝෂනී හෙට්ටිගේ විසින් යොමු කරන ලද ලිපි සහ 2018.12.18 දින ලිපිය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් 2018.12.13 දින ලබා දුන් තීන්දුව සිංහල භාෂාවෙන් ලබා දීම 2019.05.07 දින ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ අමරසේකර යන විනිශ්චයකාරතුමන්ලා විසින් නියෝගයක් ලබා නොදෙන ලදී.

Comments

  1. ?????????????????????????????????????????????????????????

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...