Skip to main content
ජනාධිපතිවරයා විසින් නීතියට පටහැනිව ඉල්ලීම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමෙන් මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නීතිඥවරයෙක් ජනාධිපතිට සහ අධිකරණ අමාත්‍යාංශයේ නීති සහකාර ලේකම්ට එරෙහිව නඩු පවරයි……
Posted on May 8th, 2019

අධිකරණ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය එරෙහිව පවරන ලද නඩු විභාගකර පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල ගැසට් පත්‍රය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පසුගියදා තීරණය කරන ලදී. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දී නොතිබූ බව කියමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලදෙන ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීම ජනාධිපති අතිරේක ලේකම්(නීති) නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇත. ජනාධිපති අතිරේක ලේකම්ගේ එකී යොමු කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් එකී ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර ඇත. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් වී ඇති නඩුවකට ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අදාල ලේඛන ගොනුකර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ක්‍රිෂානී ඩී. කෝදාගොඩ මහත්මිය දැන්වීම් යොමු කර ඇත. එකී දැන්වීමට අනුව නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිට තමන්ව කැදවන ලද නඩුවේ තමන් පාර්ශවයක් නොවන බවත්, එම නඩුවෙන් තමන් ඉල්ලීමක් කර නොමැති බවත් මෙය ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අදාල බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් ඔහුගේ විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයාට එය එසේ නොවී ජනාධිපතිවරයා විසින් එකී ඉල්ලීම අධිකරණ බලය ක්‍රියාත්මකවන ආකාරයට නීතියට පටහැනිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර විධායක සහ පරිපාලන බලය, අධිකරණ බලය සමග ගැටීමට සළස්වා සිය මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සහන අයද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇත.
ජනාධිපතිවරයා විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම සිදු නොකර තමන්ට අයත් නැති අධිකරණ බලය යොදා නීතිඥවරයාගේ අයිතිවාසිකම් අහිමිකර ඇති බවත්  නීතීඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ fජ්‍යෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් අනුගමනය කළ නීතිවිරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12.1, 12.2, 14(1.අ), 14.1ඇ, 14.1.ඊ සහ 22 ව්‍යවස්ථ මගින් ආරක්ෂා කරදී ඇති මූලික අයිතිවාසිකම්/ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව නීතිඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.





...................................

එම පෙත්සම පහත දැක්වේ....









Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...